අද තරගයෙන් චන්දිමාල් ඉවතට.නව නායකත්වය තිසරට – ඉවත් කිරීමට හේතුව මෙන්න (මේ වන විට ප්‍රසාද ලකුණු සටහනද ඇතුලත් වේ)

<a href= 'http://www.slstory.com/?p=12985&preview=true' > අද තරගයෙන් චන්දිමාල් ඉවතට.නව නායකත්වය තිසරට – ඉවත් කිරීමට හේතුව මෙන්න (මේ වන විට ප්‍රසාද ලකුණු සටහනද ඇතුලත් වේ) </a>

මේ දින වල ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් හට යළිත් ක්‍රිකට් වසන්තය එක් කරමින් නිදහස් කුසලාන පන්දුවාර 20-20 තරගාවලිය අති සාර්ථක අන්දමින් පැවැත්වේ. පැවති තරඟ වලින් කණ්ඩායම් 3ම එක් තරගය බැගින් ජයග්‍රහණය කර ඇති නිසා ඉදිරි තරග සියල්ල ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වන දිනේෂ් චන්දිමාල්ට අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් තරග දෙකක තහනමක් පනවනු ලැබ තිබේ. බංග්ලාදේශයට එරෙහිව සෙනසුරාදා පැවැති තරගයේදී මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් චන්දිමාල්ට මෙම තහනම පනවා තිබේ.ඒ අනුව අද පැවැත්වෙන තරගයට ශ්‍රී ලංකා නායක චන්දිමාල් ක්‍රීඩා නොකරනු ඇත.ඒ අනුව අද තරගයේ කණ්ඩායමේ නායකත්වය සඳහා තිසර පෙරේරා පත්කර ඇති බව මේ වන විට වාර්තා වේ.

නියමිත ඕවර 20 යැවීම සඳහා දෙන ලද කාලය තුළදී ශ්‍රී ලංකා කණ්ඩායම යවා තිබුණේ ඕවර 16 ක් පමණි. ඒ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ඔවුන්ගේ තරග මුදලින් 60% ක දඩයක් පනවන ලද අතර නායකයා වූ හෙයින් චන්දිමාල්ට තරග දෙකක තහනමක් පනවන ලදි. මේ හේතුවෙන් චන්දිමාල්ට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය (අද12 ) මෙන්ම සිකුරාදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයද මඟහැරී යනු ඇත.

ශ්‍රී ලංකා නායකයාට පමණක් නොව බංග්ලාදේශ නායක මහමදුල්ලා රියාද් සහ බංග්ලාදේශ කණ්ඩායමද දඩ මුදලකට යටත්ව සිටිති. නියමිත කාලය ඇතුළතදී යැවිය යුතු ඕවර 20 න් එකක් අඩුව යැවීම හේතුවෙන් මහමදුල්ලාගේ තරග මුදලින් 20% ක දඩයක් නියම කළ තරග තීරක ක්‍රිස් බ්‍රෝඞ් මහතා බංග්ලාදේශ කණ්ඩායමට ඔවුන්ගේ තරග මුදලින් 10% ක දඩමුදලක් නියම කළේය.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිවේදනය අනුව ඉදිරි මාස 12 ක කාලය චන්දිමාල්ට අසීරු කාලයකි. චන්දිමාල් නායකත්වය දරන ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉදිරි මාස 12 ක කාලය ඇතුළත මෙවැනිම වරදකට යොමු වුවහොත් ඔහුට දඩ ලකුණු 2 සිට 8 දක්වා ප්‍රමාණයකට මුහුණ දීමට සිදුවනු ඇත. චන්දිමාල්ට දැනටමත් තරග දෙකක් තහනම් වී ඇත්තේ දඩ ලකුණු 2 කට මුහුණ දී ඇති බැවිනි.

කෙසේ වෙතත් තවමත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වී තිබීම සතුටට කරුණකි.

ප්‍රසාද ලකුණු සටහන

More From the Web