සමූහ දූෂණයක් සිදුකළ මුස්ලිම් පුරුෂයන් හතරකට එරෙහිව වෛරී ප්‍රකාශ සිදුකළ කාන්තාවට අත්වූ ඉරණම

<a href='http://www.slstory.com/?p=13091&preview=true'>සමූහ දූෂණයක් සිදුකළ මුස්ලිම් පුරුෂයන් හතරකට එරෙහිව වෛරී ප්‍රකාශ සිදුකළ කාන්තාවට අත්වූ ඉරණම</a>

මුස්ලිම් ජනයා ඉලක්ක කර ගනිමින් ආගමික පදනමින් හිරිහැර සිදු කරනු ලැබීම සම්බන්ධයෙන් චෝදනා ලද ‘බ්‍රිට්න් ෆස්ට්’ (Britain First- පළමුව බ්‍රිතාන්‍ය) දක්ෂිණාංශික සංවිධානයේ නායකයා සහ නියෝජ්‍ය නායිකාව එම වැරදිවලට වරදකරුවන් වන බව බ්‍රිතාන්‍ය අධිකරණයක් විසින් තීන්දු කරනු ලැබ ඇත.

තිස්හය හැවිරිදි පෝල් ගෝල්ඩින් (Paul Golding) සහ ජෙයිඩා ෆ්‍රැන්සන් (Jayda Fransen) නම් චූදිතයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ වෛරී ප්‍රකාශන ඇතුළත් අත් පත්‍රිකා බෙදා හරිනු ලැබීම, එවැනි ප්‍රකාශන අන්තර්ජාලයේ පළ කරනු ලැබීම සහ වාර්ගික අභිලාෂයෙන් හිරිහැර සිදු කරනු ලැබීමේ චෝදනා යටතේය.

ඔවුන් විසින් එම ප්‍රකාශන ප්‍රචාරය කරනු ලැබීම සහ හිරිහැර කිරීම් සිදු කරනු ලැබ තිබෙන්නේ මුස්ලිම් ජාතිකයන් හතර දෙනකුට එරෙහි සමූහ ස්ත්‍රී දූෂණයකට අදාළ නඩුවක් විභාගයට ගැනෙමින් පවතිද්දී බවත් වාර්තා වෙයි.

තිස්හය හැවිරිදි පෝල් ගෝල්ඩින් (Paul Golding) සහ ජෙයිඩා ෆ්‍රැන්සන්ට (Jayda Fransen) එරෙහි නඩුව විභාග කළ ‘ෆෝක්ස්ටන්’ (Folkestone) මහේස්ත්‍රාත් අධිකරණය, ජෙයිඩා ෆ්‍රැන්සන් ආගම පදනම් කර ගනිමින් හිරිහැර සිදු කරනු ලැබීමට අදාළ චෝදනා තුනකට වැරදිකාරිය වන අතර, පෝල් ගෝල්ඩින් (Paul Golding) එක් චෝදනාවකට පමණක් වරදකරු යයි තීන්දු කර ඇත.

https://www.youtube.com/watch?v=zKykBcLKUn8

එම තීන්දුව ප්‍රකාර විත්තිකාරියට මාස නවයක් ද විත්තිකරුට මාස හතරක් සහ සති දෙකක් වන බැගින් සිර දඬුවම් නියම කරනු ලැබුණි.

බාල වයස්කරුවකුත් ඇතුළත් මුස්ලිම් පුරුෂයන් හතර දෙනකුට එරෙහි මෙහි මුලින් සඳහන් කරන ලද සමූහ දූෂණ නඩුව විභාග කළ ‘කැන්ටබරි’ මහාධිකරණය එම චූදිතයන් එකී චෝදනාවලට වරදකරුවන් යයි තීන්දු කරමින් ඔවුන් ද සිරගත කරනු ලැබ ඇත.

ඒ අතරම චූදිත පෝල් ගෝල්ඩින් (Paul Golding) සහ ජෙයිඩා ෆ්‍රැන්සන් (Jayda Fransen) මුස්ලිම් ජාතිකයන් සම්බන්ධ ස්ත්‍රී දූෂණ නඩුවේ විත්තිකරුවන්ගේ නිවාස තුළට වෛරී ප්‍රකාශන ඇතුළත් අත් පත්‍රිකා දමා ඇති අතර, ඔවුන් එලෙස හිරිහැර කරන ආකාරය ඇතුළත් වීඩියෝ පට සමාජ මාධ්‍ය ජලයේ සහ ඔවුන්ගේ ‘බ්‍රිට්න් ෆස්ට්’ අන්තර්ජාල වෙබ් අඩවියේ පළ කර ඇත.

නඩු විභාගයේ දී සාක්ෂි දුන් ජෙයිඩා ෆ්‍රැන්සන් (Jayda Fransen) ඇයට එරෙහි වර්ගවාදී චෝදනා බැහැර කරමින්, තමාගේ ව්‍යාපාරය ලිංගික අපයෝජන සිදු කරන පුද්ගලයන්ට එරෙහි ව්‍යාපාරයක් වූ බව කියා සිටියාය.

චූදිත පෝල් ගෝල්ඩින් (Paul Golding) කියා සිටියේ තමා ජෙයිඩා ෆ්‍රැන්සන්ගේ කැමරාකරු හැටියට නිතර ක්‍රියා කළ බවය.

විත්තිකාරිය එක් වතාවක් ඇය විසින් ඉලක්ක කර ගන්නා ලද පුද්ගලයාගේ නොව වැරදීමකින් වෙනත් නිවසකට ගොස් අනිසි ලෙස හැසිරී ඇති අතර, තවත් අවස්ථාවක දූෂණ නඩුවේ චූදිතයකුගේ නිවසේ ඉදිරි දොර අසලට ගොස් වර්ගවාදී ප්‍රකාශන පාවිච්චි කරමින් කෑ ගසා ඇත.

තමාට එරෙහි තීන්දුව ප්‍රකාශ කෙරෙද්දී අදහස් දැක්වූ ජෙයිඩා ෆ්‍රැන්සන් (Jayda Fransen) එම දිනය “බ්‍රිතාන්‍යයේ යුක්තිය අතින් ඉතා කණගාටුදායක දවසක් වන අතර තමා සිදුකළ සියලු දේවල් රටේ ළමුන් උදෙසා වූ” බව සඳහන් කළාය.

නඩු තීන්දුවෙන් අනතුරුව උසාවියෙන් පිටව යමින් සිටි ‘බ්‍රිට්න් ෆස්ට්’ (Britain First ) ව්‍යාපාරයේ ආධාරකරුවෝ අධිකරණ කාර්ය මණ්ඩලයට සහ මාධ්‍යව්දීන්ට අපහාසාත්මක ප්‍රකාශන කරමින් “තමන් යටත් නොවන” බව කියා සිටියහ.

More From the Web