සෞදි ආරාබියේදී ශ‍්‍රී ලාංකික ගෘහ සේවිකාවකට අමානුෂික ලෙස වෙඩි තබා ඝාතනය කරලා

<a href= 'http://www.slstory.com/?p=13088&preview=true' > සෞදි ආරාබියේදී ශ‍්‍රී ලාංකික ගෘහ සේවිකාවකට අමානුෂික ලෙස වෙඩි තබා ඝාතනය කරලා </a>

ජිවත් වීමට ඇති අනේකවිද ආර්ථික ගැටළු නිසා අද වන විට ලාංකීය ග්‍රාමීය සමාජයේ බහුතරයක් කාන්තාවන් ගෘහ සේවය සදහා මැදපෙරදිග රටවල් වලට පිටත් වේ.එසේ යන ඇතැම් පිරිස් ඉතා හොඳින් තම රැකියාව කරගෙන සිටින අතර ඇතැම් අයවලුන් නොවිදිනා දුක් ගැහැට විදින බවද දිනෙන් දින අසන්නට ලැබේ.අප මේ කියන්නට උත්සාහ කරන්නේද එවැනි තවත් ශෝක ජනක පුවතක් පිලිබඳවය.

එනම් සෞදි ආරාබියේදී ශ‍්‍රී ලාංකික ගෘහ සේවිකාවක් වෙඩි තබා ඝාතනය කර සිටින බවට වූ පුවතකි.සෞදි ආරාබියේ බුරේද්හ් දී පසුගිය සෙනසුරාදා උදෑසන මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.42 හැවිරිදි කාන්තාවක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතර සෞදි අරාබියානු ජාතිකයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ. පසුව ඔහු ද අදාළ ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන ලදී.

ඔහු මානසික ආබාධයකින් පෙළෙන පුද්ගලයෙකු බවට මූලික විමර්ශනවලින් අනාවරණ වී තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

More From the Web