නොසන්සුන්තා නිසා රටේ ආර්ථිකයට මහත් දුෂ්කරතා වලට මුහුණ දීමට සිදුවේවි

<a href='http://www.slstory.com/?p=12933&preview=true'>නොසන්සුන්තා නිසා රටේ ආර්ථිකයට මහත් දුෂ්කරතා වලට මුහුණ දීමට සිදුවේවි</a>

මධ්‍යම පළාතේ පසුගියදා සිදුවූ හුදකලා එක් සිද්ධියත් සමග රට තුළ හදිසියේ පැනනැගී ඇති තත්වය පිළිබඳව ශ‍්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් දැඩි කණස්සල්ල ප‍්‍රකාශ කරයි.

මෙවැනි ප‍්‍රචණ්ඩත්වයන් රටේ ආර්ථිකය දුෂ්කර තත්ත්වයන්ට ගෙන ඒමට මග පාදන බව ඔවුහු අවධාරණය කරති.

ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාරික ප‍්‍රජාවගෙන් බහුතරයක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වන අතර වර්තමානයේ පවතින තත්ත්වය නිසා මෙම ව්‍යාපාර දැනටමත් දැඩි අපහසුතාවලට පත්ව තිබෙන බවත් ඔවුහු පවසති. එමෙන්ම, අප රට පිළිබඳව ලෝකයේ සෙසු රටවල ඇති යහපත් හැඟීම පළුදුවීම, ජාත්‍යන්තර ව්‍යාපාරික ප‍්‍රජාව තුළ ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාරික ප‍්‍රජාව පිළිබඳ විශ්වාසය නැතිවීම සහ ඒ හේතුවෙන් ශ‍්‍රී ලංකාවට මුහුණදීමට සිදුවිය හැකි ආර්ථික දුෂ්කරතා අතිමහත් බවද ඔවුහු පෙන්වා දෙති.

මේ අවස්ථාවේ ශ‍්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ සාමකාමී වී මෙවන් තත්ත්වයන් පිළිබඳ පැතිරෙන කටකතා හමුවේ බුද්ධිමත්ව කටයුතු කරන ලෙසය. එමෙන්ම, රජයේ බළධාරීන්ගෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ අපගේ මාතෘ භූමිය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා සුදුසු ක‍්‍ර‍්‍රියාමාර්ග ගන්නා ලෙසය.

More From the Web