“පිස්තෝල සෙල්ලම දැමූ එම්.කේ කසුන් වැරදි නෑ,ගිනි අවියක් දීලා තියෙන්නේ කොස් කොටන්දද?.දෙවිවරුන්ටත් ආරක්ෂාව තියෙනවා.අපේ ආරක්ෂාවත් සලසන්න” – දකුණු පළාත් සභාව උණුසුම් වේ

<a href= 'http://www.slstory.com/?p=13097&preview=true' > “පිස්තෝල සෙල්ලම දැමූ එම්.කේ කසුන් වැරදි නෑ,ගිනි අවියක් දීලා තියෙන්නේ කොස් කොටන්දද?.දෙවිවරුන්ටත් ආරක්ෂාව තියෙනවා.අපේ ආරක්ෂාවත් සලසන්න” – දකුණු පළාත් සභාව උණුසුම් වේ </a>

පසුගිය දින වලදී සමාජ මාධ්‍ය හරහා දැඩි සේ කතාබහට ලක්වූ එම් කේ. කසුන් මහතා හා ඔහුගේ බිරිඳ පිස්තෝලයක් ගෙන බස්රථ රියදුරෙකුට පහර දෙන වීඩියෝව නිසා එම් කේ. කසුන් මන්ත්‍රීවරයා තව දුරටත් පසු වන්නේ රක්ෂිත බන්ධනාගාරයේය.කෙසේ වෙතත් මේ පිළිබඳව දකුණු පළාත් සභාවේ මාසික රැස්විමේ දි අද (13) කතා බහට ලක්විය.එහිදී දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී එම්.කේ කසුන්ට බරපතල හානියක් සිදුව ඇති බවත් ඔහුට බරපතල ආකාරයේ අසාධාරණයක් සිදුව ඇති බවටත් මන්ත්‍රීවරුන් සදහන් කර සිටි බව අප වෙත වාර්තා වේ.

එක්සත් ජනතා නිදහස් සන්ධාන දකුණු පළාත් සභා මන්ත්‍රි සම්පත් අතුකෝරල මහතා එහිදී පැවසුවේ, “පිස්තෝලය අදිසි අවස්ථාවක දි ගන්නේ නැතිව කොස් කොටන්න ද යන්නයි. “එම් කේ. කසුන් පළාත් සභා මන්ත්‍රිවරයා පහර දුන් රියැදුරා සේවය කළ බස් රථයේ අයිතිකරුවා පාතාලයේ නායකයෙක් බවත් ඔහු දැනටත් හිර ගෙදර සිටින බවත් මෙම බස් රථයේ මාර්ග බලපත්‍ර නොමැති බවත් සම්පත් අතුකෝරාල මහතා සදහන් කරන ලදී.

දකුණු පළාත් සභා මන්ත්‍රි අජිත් රාජපක්ෂ මහතා මෙහි දී පැවසුවේ තමාට නීතියෙන් හිමි පිස්තෝලය අතේ තියාගෙන කව් බෝයි වාගේ කටයුතු කරන්න හැකි ද යන්නයි.එසේම එජාප දකුණු පළාත් සභා මන්ත්‍රි තෙන්නකෝන් නිලමේ මහතා, “මේ අපට නිල ගිනි අවියක් දී ඇත්තේ ධාතූ මන්දිරයක් ආකාරයට තියා ගන්න ද? දෙවි වරුන්ටත් ආරක්ෂාවට පිරිස් ඉන්නවා. දිව්‍ය ලෝකයේත් සුරයෝ හා අසුරයෝ අතරද ගැටුම් ඇති වෙනවා. මේ අපගේ මන්ත්‍රි වරප්‍රසාද කඩ කරන්න එපා ලංකාවේම පළාත් සභාවේ මන්ත්‍රි වරුන්ට ආරක්ෂාව සපයා දෙන්න”. යනුවෙන් පවසන ලදී.

මේ සම්බන්ධයෙන් පොලිස් වාර්තාවක් ලබා දෙන්නැයි පැවසූ දයාවංශ කෝදාගොඩ මහතා පැවසුවේ එම් කේ කසුන් මන්ත්‍රිවරයාට මුලින්ම පහර දුන් බස් රථයට මාර්ග බලපත්‍රය නැතැයි වාර්තා වන බව සදහන් කරන ලදී.එජාප දකුණු පළාත් සභා මන්ත්‍රි අශෝක ධනවංශ මහතා, එම් .කේ කසුන්ට සාධාරණයක් ඉටු කරන්න පියවර ගන්නැයි මෙහිදී ඉල්ලා සිටින ලදී.

රක්ෂිත බන්ධනාගාරගතව සිටින මන්ත්‍රීවරයා සහ බිරිඳ අද (13),යළි බන්ධනාගාර ගත කරණ ලදී.ඒ මාර්තු 27දා දක්වාය.

More From the Web