චන්දිකගේ තැන ගන්න එන්න කී, ශ්‍රී ලංකාව 20-20 ලෝකශුරයන් කළ පෝල් ෆ්‍රාබ්‍රේස් එම යෝජනාව ප්‍රතික්ෂේප කරයි

<a href= 'http://www.slstory.com/?p=13100&preview=true' > චන්දිකගේ තැන ගන්න එන්න කී, ශ්‍රී ලංකාව 20-20 ලෝකශුරයන් කළ පෝල් ෆ්‍රාබ්‍රේස් එම යෝජනාව ප්‍රතික්ෂේප කරයි  </a>

මීට වසර කිහිපයකට පෙර ඉතා පසුගාමී තත්වයක සිටි බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ඉතා හොඳ ස්ථාවරයක් ලබාගෙන සිටින බව දක්නට ලැබේ.කෙසේ වෙතත් එහි සමස්ත ගෞරවය හිටපු බංගලාදේශ පුහුණුකරු චන්දික හතුරුසිංහට හිමිවන බවද අවිවාදයෙන් කිව යුතුය.මේ වන විට චන්දික හතුරුසිංහ මහතා බංගලාදේශ කණ්ඩායමෙන් ඉවත්ව ඇති නිසා ඔවුන්ගේ ප්‍රධාන පුහුණුකරු තනතුර හිස්ව පවතී.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර බාර ගන්නා ලෙසට එංගලන්ත සහාය පුහුණුකරුට කළ යෝජනාව පෝල් ෆ්‍රාබ්‍රේස් ඉවත දමා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් ඔහුව බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට සම්බන්ධ කර ගැනීමෙ උත්සාහය තවමත් බංග්ලාදේශය අත්හැර නොමැති බවද වාර්තා වේ.ෆ්‍රාබ්‍රේස් කලක් ශ්‍රීලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරද හෙබවූ අතර ශ්‍රී ලංකාව 20/20 ලෝක කුසලානය ජයගන්නේ ඔහුගේ පුහුණුකාරිත්වය යටතේය.

More From the Web