සම්බාධක කඩකරමින් සිංගප්පූරුව උ.කොරියාවට භාණ්ඩ යැවූ හැටි හෙළිවෙයි

<a href='http://www.slstory.com/?p=13115'>සම්බාධක කඩකරමින් සිංගප්පූරුව උ.කොරියාවට භාණ්ඩ යැවූ හැටි හෙළිවෙයි</a>

උතුරු කොරියාව වෙත සුඛෝපභෝගී භාණ්ඩ සපයමින් සිංගප්පූරුව එක්සත් ජාතීන්ගේ සම්බාධක උල්ලංඝනය කර ඇති බව එම ආයතනයේ නවතම වාර්තාවකින් කියැවී තිබේ.

මෙම වාර්තාව මෙතෙක් මාධ්‍යයට අනාවරණය වී නොතිබුණත්, එහි රහසිගත තොරතුරු කිහිපයක් මේ ආකාරයෙන් මාධ්‍ය උපුටා දක්වා ඇති අතර, මෙය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත යොමු කිරීමට නියමිතව ඇති බව කියැවෙයි.

ඒ අනුව, මෙම සතිය තුළ එය ප්‍රකාශයට පත්කරනු ඇති බවද සඳහන් වෙයි.

පසුගිය වසර දෙකක තුළ ප්යොන්ග්යැන්ග් පාලන අධිකාරිය විසින් දිගින් දිගටම සිදුකළ න්‍යෂ්ටික සහ මිසයිල අත්හදා බැලීම් හමුවේ ඔවුන්ට එරෙහිව මෙම සම්බාධක පැනවීම දැඩි කෙරෙණි.

කෙසේ වෙතත්, උතුරු කොරියානු නායකයා සහ ඇමෙරිකානු නායකයා අතර සමීප සාකච්ඡාවක් ඉදිරයේදී ඇතිවන බවට මේ වනවිට අදහස් මතුවී තිබුණද, එක්සත් ජාතීන්ගේ සම්බාධක තවදුරටත් පවත්වාගෙන යයි.

More From the Web