මගේ පියාට පුෂ්පකුමාර කිව්වා – සජිත් කලකිරීමෙන් කියපු අමුතු කතාව

<a href='http://www.slstory.com/?p=13120'>මගේ පියාට පුෂ්පකුමාර කිව්වා – සජිත් කලකිරීමෙන් කියපු අමුතු කතාව</a>

තම පියා සිංහල බෞද්ධයෙකු ලෙස සෑබෑ සේවාවක් කළ නමුත් ඔහුට අපවාද කිරීම වෙනුවෙන් පුෂ්පකුමාර යනුවෙන් නමක්ද නිර්මාණය කළ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. හම්බන්තොට පැවති උත්සවයකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.

ඓතිහාසික රාජ්‍ය නායකයෙකු ලෙසත් සැබෑ සිංහල බෞද්ධයෙකු ලෙසත් බුදුදහම වෙනුවෙන් මගේ පියා සැබෑ සේවාවක් ඉටු කළා. නමුත් ඔහුට කොපමණ ගල් ගැසුවාද කිවහොත් ඔහු පන්සලකට ගොස් මල් වට්ටියක් පූජා කරන විට ‘පුෂ්පකුමාර’ යනුවෙන් නමක්ද නිර්මාණය කළා. රණසිංහ ප්‍රේමදාස පන්සල්වලට උදව් කරනවා වැඩියි කීවා. එසේ එදා පැවසූ අය අද රට අනතුරේ යැයි කියා ප්‍රකාශ කරනවා.

බෞද්ධයෝ යැයි කියා ගත් ඇතැම් පිරිසක් මේ රටේ සිටිනවා. මා ඒ පිරිස දකින්නේ කාඩ්බෝඩ් බෞද්ධයන් ලෙසයි. ඔවුන් මාධ්‍ය ඉදිරියේ සැබෑ බෞද්ධයෝයි. සෑම දෙනාම සමගි වන්න, එකමුතු වන්න යැයි මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කරනවා. ඔවුන් අනිත් පැත්තට සිදු කරන්නේ රට වනසන කුමන්ත්‍රණයි.

තමන් සැබෑ බෞද්ධයන් යැයි සිතනවා නම් රට වටේ ගොස් පන්සල්වල චෛත්‍ය ඉදිකරන්න, දහම් පාසල් ගොඩනැගිලි නිර්මාණය කරන්න කියා මා ඔවුන්ට කියනවා. පසුගිය කාලයේදී වයඹ පළාතේ පන්සල් 600 වැසී ගියා. ඒ පන්සල්වල භික්ෂූන් වහන්සේලාට ආධාර උපකාර කරන්නට කිසිවකු සිටියේ නැහැ. මගේ පියාණන් බුද්ධ ශාසන අමාත්‍යාංශය ආරම්භ කළා. නමුත් ඔහුගෙන් පසුව පන්සල් සඳහා උදව් උපකාර නොලැබුණ නිසා වයඹ පළාතේ පන්සල් 600ක් වැසී ගියා. මේ වැසි ගිය පන්සල් ගොඩගන්නට, දියුණු කරන්නට, ආරක්ෂා කරන්නට බෞද්ධයන් යැයි කියා ගන්නා පිරිස කටයුතු කළේ නැහැ.

මහනුවරට ගිහින් කඩ ගිනි තබා, මිනී මැරුම් සිදු කළා කියා කිසිවිටක බෞද්ධ ආගමට ශක්තියක් වන්නේ නැහැ. මේ රටේ බහුතර ජනතාව ලොව්තුරා අප බුදු රජාණන් වහන්සේගේ දහම පිරිසිදුව අනුගමනය කරනවා. උන්වහන්සේ දේශනා කර සිටියේ සියලු සත්ත්වයෝ ආරක්ෂා කර ගන්නට කියායි. බෞද්ධ ආගම ඉතිරි වී අනෙක් ආගම් විනාශ වන්නට කියා උන් වහන්සේ කිසිවිටෙක දේශනා කර නැහැ.”

More From the Web