ඇමරිකාවට බැරිවූ දේ ලංකාව කළ බව ඇමරිකානු මාධ්‍ය පවසයි.. වෛරී ප්‍රකාශ හඳුනාගෙන ඒවා ඉවත් කිරීමට ෆේස්බුක් එකඟ වෙයි..

<a href='http://www.slstory.com/?p=13124&preview=true'>ඇමරිකාවට බැරිවූ දේ ලංකාව කළ බව ඇමරිකානු මාධ්‍ය පවසයි.. වෛරී ප්‍රකාශ හඳුනාගෙන ඒවා ඉවත් කිරීමට ෆේස්බුක් එකඟ වෙයි..</a>

ඇමරිකානු ප්‍රධාන මාධ්‍ය වාර්තා කළේ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය අවශ්‍ය අවස්ථාවේ තහනම් කරමින් ශ්‍රී ලංකා රජය සිදුකල දේ කිරීමට ඇමරිකාවට හයියක් නොමැති බවයි. වෛරී ප්‍රකාශ සහ ව්‍යාජ පුවත් ප්‍රචාරණයට වැට බඳිමින් ෆේස්බුක් වෙනම සංස්කරණයක් ශ්‍රී ලංකාවට ඉල්ලා සිටීම හා එයට ෆේස්බුක් සමාගම එකඟකරවා ගැනීමට හැකිවීම ජයග්‍රහණයක් බවත්, එය ඇමරිකාවද කළයුතු එහෙත් කරගත නොහැකිව ලතවන දෙයක් බව එම මාධ්‍ය වාර්තා කරයි.

මීට අමතරව ෆේස්බුක්, ට්විටර්, වට්ස්ඇප්, වයිබර් යන සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි වශයෙන් ප්‍රචාරය වන්නේ ව්‍යාජ තොරතුරු බව ඇමරිකානු පරීක්ෂණ කණ්ඩායමක් ප්‍රකාශ කරයි. ඒ අනුව සමාජය තුළ ගැටුම් ඇතිවීමේ අවදානමක් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙම තත්ත්වය නිරන්තරයෙන් අධ්‍යයනය කරන බවත්, වැරදි තොරතරු ප්‍රචාරය වීම වැලැක්වීමට නොහැකි තත්ත්වයක් මේ වනවිට උද්ගත වී ඇති බවත් එම පරීක්ෂණ කණ්ඩායම ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර වෛරී ප්‍රකාශ හඳුනාගැනීමට සහ එවැනි ප්‍රකාශ ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට සහ රාජ්‍ය නොවන සංවිධාන හා ආයතනවලට සහාය දෙන බව ෆේස්බුක් සමාගම ප්‍රකාශ කරයි.

ෆේස්බුක් ඇතුළු සමාජජාල මාධ්‍ය සහ පණිවිඩ යවන මෘදුකාංග තාවකාලිකව මත ශ්‍රී ලංකා රජය පැනවූ තාවකාලික තහනම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ෆේස්බුක් සමාගම ඒ බව ප්‍රකාශ කර තිබේ.

“වෛරී ප්‍රකාශ සහ ප්‍රචණ්ඩත්වයට උල්පන්දම් දෙන ප්‍රකාශ සම්බන්ධයෙන් අපේ සමාගම සතුව පැහැදිලි රෙගුලාසි තිබෙනවා. එහෙත් එම රෙගුලාසි නොතකා දිගින් දිගටම අපේ ෆේස්බුක් වේදිකාව ප්‍රචණ්ඩත්වය වැපිරීම සඳහා යොදාගෙන තිබෙනවා.

එවැනි වෛරී ප්‍රකාශ සහ ප්‍රචණ්ඩත්වයට උල්පන්දම් දෙන කරුණු, ප්‍රකාශ ඉවත් කිරීම සඳහා අපි ශ්‍රී ලංකා රජයට සහ රාජ්‍ය නොවන සංවිධාන හා ආයතනවලට සහාය දක්වනවා” යැයි සී.එන්.බී.සී පුවත්සේවයට විද්‍යුත් පණිවිඩයක් යවමින් ෆේස්බුක් සමාගම සඳහන් කර තිබේ.

More From the Web