ෆේස්බුක් – ඉන්ස්ටග්‍රෑම් තුළ ගත කරන කාලය දැන් ඔබටම බලාගන්න පුළුවන්

<a href='http://www.slstory.com/?p=22320&preview=true'>ෆේස්බුක් – ඉන්ස්ටග්‍රෑම් තුළ ගත කරන කාලය දැන් ඔබටම බලාගන්න පුළුවන්</a>

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලා විසින් එම ඇප් වැඩසටහන්වල තමන් කොපමණ වේලාවක් ගත කරන්නේද යන්න පරිශීලකයාට දැනගත හැකි අංගයක් එක්කර තිබේ.

අසීමිත කාලයක් සමාජ ජාලා සමග ගත කිරීමෙන් මානසික සෞඛ්‍යයට සෘණාත්මක බලපෑමක් ඇති කරන බැවින් මෙම නිවේදනය සිදුකිරීමට එම සමාගම් කටයුතු කර ඇත.

ඒ අනුව, තම ෆේස්බුක් ගිණුමේ හෝ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ දත්ත පිරික්සමින් කා දැමූ කාලය දැන් ඔබටම බලාගත හැකි බව සඳහන් වෙයි.

එහිදී, අදාල පරිශීලකයා විසින් තමන් එම සමාජ ජාලය තුළ ගත කිරීමට නියම කරගත් කාලය ඉක්මවා සැරිසරන්නේ නම් ඒ පිළිබඳ දැනුම්දීම් සිදුකිරීම මින් පසුව සිදුවනු ඇත.

facebook instagram time spent

සමාජ මාධ්‍ය පිළිබඳව ගැඹුරින් සිතා බලන්නට මෙය කාලය බවත් එය අපේ පෞද්ගලික ජීවිතයට මෙන්ම, මානසික සෞඛ්‍යයටද බලපෑම් ඇති කරවන බවත් බොහෝ විද්වතුන්ගේ මතයයි. මෙම සමාජ මාධ්‍ය අයිතිකරුවන් දිනෙන් දින කෝටි ප්‍රකෝටිපතියන් බවට පත්වන අන්දම ගැන මෙම සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගෙන් වැඩි දෙනෙක්‌ නොදන්නා කරුණකි.

සමාජ මාධ්‍යවලට වසඟ වීම අපගේ පුද්ගලිකත්වයට තර්ජනයක්‌ වේ. සමාජ මාධ්‍ය පිළිබඳව ඉතා වෙහෙසීමෙන් පර්යේෂණය කළ පර්යේෂකයන් කණ්‌ඩායමක්‌ පවසා තිබුණේ ඔවුන් නිරීක්‌ෂණය කළ කරුණු අනුව සමාජ මාධ්‍ය භාවිතා කරන අයගෙන් බෝහෝ දෙනකුගේ සිත් තුළ තමන් කාලය නාස්‌ති කර දැමුවා, මට කිසිම පලදායි දෙයක්‌ ලැබුණේ නැත යන ආකල්පය වර්ධනය වේගෙන යන බව පෙනෙන්නට ඇති බවයි.

ක්‍රිස්‌ටිනා සැගීයෙග්ලු සහ ටෝබියාස්‌ ග්රෙට්‌මියර් 2014 වසරේදී සොයාගෙන ඇත්තේ සමාජ මාධ්‍ය භාවිතය අසතුට ගෙන එන බවයි. එලියට්‌ ටී. පැනෙක්‌ සහ සොරියෝස්‌ නාඩිස්‌ එය එක්‌ එක්‌ සමාජ මාධ්‍ය අනුව වෙනස්‌ වන බව සොයා ගෙන ඇත.

සමාජ මාධ්‍ය භාවිතය ගැන ඇති චෝදනා බොහෝය. එය පුද්ගලයකුගේ සැබෑ සිතුවිලිවලට බාධා පමුණුවයි. සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් බෝහෝ විට තමා පළ කරන පොස්‌ටු ගැන අනෙක්‌ අය දරන මතය දැන ගැනීමට යුහුසුළු වේ. එයට කෙතරම් ප්‍රමාණයක්‌ කැමැත්ත පළ කර ඇත්දැයි දැන ගැනීමට උනන්දු වේ. මෙහිදී කෙනෙකු නොදැනීම සිය ලෝකයේ ඒකාධිපතියකු වන බව මෙම පර්යේෂකයන් පෙන්වා දේ.

සමාජ මාධ්‍ය මිනිසුන් වෙත වෙස්‌වලාගෙන පැමිණෙන අතරමැදියකු හා සමානය. ඒ හරහා ඇත්ත වශයෙන්ම සිදුවන්නේ පුද්ගලයකු සිය හදවතේ දොර අගුළුලා ගැනීම පමණය. එය ඉතා භයානක තත්ත්වයක්‌ බවද, එතුළින් සමාජ මාධ්‍යයක විවිධ මතිමතාන්තර අතර අතරමං වීම වළක්‌වා ගත හැක්‌කේ විවෘතභාවය තුළින් පමණය යන්න මෙම පර්යේෂකයන්ගේ අදහසයි.

සමාජ මාධ්‍ය භාවිතයේ වඩාත්ම අහිතකර ප්‍රතිඵල විඳින්නේ සමාජයක දරුවන්ය. ඕනෑම සමාජයක දරුවන් යනු එම සමාජය යහපත හෝ අයහපත වෙත රැගෙන යන්නා වුන්ය. වැඩිහිටියන් පවා මෙම සමාජ මාධ්‍ය තුළ නන්නත්තාර වන යුගයක දරුවන් එයින් නොමග යැමට ඇති ඉඩ ප්‍රස්‌ථාව ඉතාම වැඩිය. මෙම සමාජ මාධ්‍ය හරහා ඔවුන් හුදෙකලා අඳුරු ලොවකට තල්ලු කර හරින අතර, එහිදී ඔවුන් ආතතියට පත් වීමද, සුව නින්දක්‌ නොලැබීමේ තත්ත්වයටද පත්වීමද අවසානයේ තමාට හානි කරගන්නා මට්‌ටමකට පවා පත්විය හැක.

වැඩිහිටියන් සම්බන්ධයෙන්ද, අනාවරණය වී ඇති කරුණු අසතුටුදායක තත්ත්වයක පවතී. පසුගිය වසර අග භාගය වන විට සමාජ මාධ්‍ය භාවිත කරන්නන් අතරින් බොහොමයක්‌ දවසේ පැය දෙකක පමණ කාලයක්‌ ඒ සමඟ ගත කර ඇති අතර එය ජීවිතයේ පලදායිතාවය අඩුවීමක්‌ ලෙස මෙම පර්යේෂකයන් විසින් නිගමනය කර ඇත. මෙම ගණනය කීරීම ගෝලීය වශයෙන් ගත් අගයක්‌ වුවද ඇමෙරිකාවේ ජනගහනයෙන් සියයට හැට දෙකක්‌ මුහුණු පොතට ඇබ්බැහි වී ඇති අතර එමඟින් ඔවුනගේ වටිනා කාලය නිෂ්පල ලෙස වැය වන බව ද සොයා ගෙන ඇත.

තාක්‌ෂණික ලෝකයේ දැවැන්තයා වන ඇපල් සමාගමේ හිමිකරු ටීම් කුක්‌ පවසන්නේ, සිය ඥාති පුත්‍රයා කිසිම සමාජ මාධ්‍යයක්‌ සමඟ ගනුදෙනු කරනවාට ඔහු අකමැති බවයි. තාක්‌ෂණයේ ඊළඟ නිපැයුම ගැන ඔහු බය වන බව ද ටීම් කුක්‌ පවසා ඇත.

සමාජ මාධ්‍යය මඟින් සිදු විය හැකි හානිය ගැන මිනිසුන් දැනුවත් විය යුතුය. එයින් මෙවැනි අහිතකර ප්‍රතිපල ලැබෙන බව දැන දැනම මිනිසුන් ඒ හා ගැටෙන්නට කැමැත්තක්‌ දක්‌වති. මෙම සමාජ මාධ්‍යවල නිමවුම්කරුවන් මිනිසුන් ඒ හා ගැටෙන තරමට කැමති වන්නේ එමඟින් ඔවුන් විශාල ලෙස මුදල් උපයන බැවිනි.

නිවසේ හුදෙකලාව වසන අයෙකුට සමාජ මාධ්‍යයක්‌ මඟින් හඟවන්නේ ඔහුට හෝ ඇයට ඉතා විශාල මිතුරු මිතුරියන් ප්‍රමාණයක්‌ සිටින බවයි. නමුත් ප්‍රායෝගිකව ඒ කිසිම අයකුට එකිනෙකාට පිහිට විය හැකි අවස්‌ථාවක්‌ නැත. එය මිතුදමක සේයාවක්‌ පමණි. සත්‍යය එයයි.

සමාජ මාධ්‍ය හරහා ඉතා අවිනීත අන්දමේ පොස්‌ටු පළකෙරෙන අතර, ඒ හරහා මිනිසුන් හිංසාවට පීඩාවට පත් කරන්නට, අපහසුතාවයට පත් කරන්නට මෙම සමාජ මාධ්‍ය භාවිතා කරන ඇතැමෙක්‌ කිසිසේත් ඒ සඳහා අදි මදි නොකරති. මෙසේ සමාජ මාධ්‍ය අවභාවිතය සෑම රටකටම විශාල තර්ජනයක්‌ව ඇත.

නොමිලයේ ලැබෙනවා යෑයි රැවටී සිටින පහසුකම් භාවිතා කරමින් මිනිසුන් මෙසේ සමාජ මාධ්‍ය අවභාවිතා කීරීම කෙරෙහි සෑම අයෙක්‌ම අවධානය යොමු කළ යුතු කාලයයි මේ. නමුත් ඊටද වඩා දැඩි අවධානයක්‌ යොමු විය යුතුව ඇත්තේ මෙම සමාජ මාධ්‍ය භාවිතය නිසා සිදුව ඇති මානසික සෞඛ්‍යය පිරිහීමයි. ඒ සඳහා ලෝකවාසී සියලු ජනතාව ඉතා ඉවසිලිවන්ත සහ සාමුහික චින්තනයක්‌ යටතේ පෙළ ගැසිය යුතුය.

 

More From the Web