කිසිම ලෙඩක් නැතිව නාලක සිල්වා බන්ධනාගාර රෝහලට රැගෙන යාමට වෛද්‍යවරයෙක් පැමිණීම ගැන පරීක්ෂණ

<a href='http://www.slstory.com/?p=28531&preview=true'>කිසිම ලෙඩක් නැතිව නාලක සිල්වා බන්ධනාගාර රෝහලට රැගෙන යාමට වෛද්‍යවරයෙක් පැමිණීම ගැන පරීක්ෂණ</a>

මෙරට ඉහළ පැලැන්තියේ බොහෝ දෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට නියම වූ පසුව බන්ධනාගාර රෝහල වෙත රැගෙන යාම දැන් දැන් කලාවක් වී ඇත.සාමාන්‍ය ජනතාව හට මෙම තත්වය අවබෝධ වී තිබුණත් දිගින් දිගටම අප රටේ සිදුවන්නේ මෙම කටයුත්ත නම් එහි වගකීම කවුරුන් විසින් දැරිය යුතුද? ඒ බව යළිත් සමාජයට පසක් කරමින් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ඊයේ රාතී‍්‍ර වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ආ අවස්ථාවේ එහි ඇතිවූ බහින්බස්වීම සම්බන්ධයෙන් බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවා තිබේ.

උක්ත කරුණ සත්‍ය බව පෙන්වමින් නාලක සිල්වා බන්ධනාගාරය වෙත රැගෙන ඒමටත් පෙර ඔහු පරික්ෂා කිරීම සඳහා බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයෙකු ගිලන් රථයකින් වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණ සිටි බව මේ වන විටත් රට දැනගෙන හමාරය.කෙසේ වෙතත් නාලක සිල්වාට කිසිඳු විශේෂ අසනීප තත්ත්වයක් ඇතැයි පරික්ෂා කිරීම්වලදී තහවුරු වී නොමැති බවද එසේ තිබියදීත් නාලක සිල්වා රෝහල්ගත කරන්නැයි වෛද්‍යවරයා නිර්දේශ කර ඇතැයිද වාර්තා වේ.එහිදී බන්ධනාගාර නිලධාරීන් සහ වෛද්‍යවරයා අතර බහින්බස් විමක් ඇතිවූ බවත් මේ වන විට අනාවරණය වී තිබේ.

ඒ අනුව වෛද්‍යවරයා කිසියම් වරදක් සිදුකර ඇතැයි විමර්ශනවලින් තහවුරු වුවහොත් ඒ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දිමටද බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.මේ අතර නාලක සිල්වා මේ වන විට රඳවා සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේ Y O වාට්ටුවේය.වෙනත් රැඳවූවන් නොමැතිව හුදෙකලාව ඔහු එහි රඳවා සිටින බව මේ වන විට වාර්තා වේ.

ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා චෝදනා ලබා සිටින්නේ ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළ බවටය.අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ ඔහු අත්අඩංගුවට ගැනණු අතර පසුව ලබන මස 07වනදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

More From the Web