බලහත්කාරයෙන් අරලිය ගහ මැදුරට රිංගන්නට ගිය අජිත් ප්‍රසන්න හොඳටම ගුටි කා රෝහලේ (ජයාරූප සහිතයි)

<a href='http://www.slstory.com/?p=29059&preview=true'>බලහත්කාරයෙන් අරලිය ගහ මැදුරට රිංගන්නට ගිය අජිත් ප්‍රසන්න හොඳටම ගුටි කා රෝහලේ (ජයාරූප සහිතයි)</a>

පසුගිය රාජපක්ෂ පාලන සමයේ සිට මේ දක්වා රාජපක්ෂලාගේ දේශපාලන ක්‍රියාවලිය තුළ ඉතාමත් විශාල භූමිකාවක් ඉටුකළ අයෙක් ලෙස විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න හඳුන්වා දීමට පුළුවන.කෙසේ වෙතත් 2015දී බලය ගිලිහි යාමත් සමග මද කිපුණු අලියෙකු සේ එහේ මෙහේ ගිය මෙම පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂගේ එලිය හා වියත් මග වැනි වැඩසටහන් සඳහාද මුල් කාලීනව දායකත්වය දක්වන ලදී.කෙසේ වෙතත් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉවත් වී යළිත් මහින්ද රාජපක්ෂ පාලනයක් ගෙන ඒම සඳහා කටයුතු කළ අජිත් ප්‍රසන්න පසුගිය දින වලදී දැඩි උද්යෝගයකින් කටයුතු කරනු දක්නට ලැබිණි.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා ව්‍යවස්ථා විරෝධී අන්දමින් අගමැති ලෙස දිවුරුම් දුන් පසු අජිත් ප්‍රසන්න ඇතුළු කණ්ඩායමට නැවතත් බලය හිමිවූ සේ කටයුතු කරනු දක්නට ලැබුණි.ඒ අනුව මැර බලය භාවිතා කරමින් මෙම විශ්‍රාමික හමුදා නිලධාරියා අද සවස් වරුවේ අරලිය ගහ මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වීමට ගොස් ඇත්තේ රාජපක්ෂ මහතාගේ හයිය උපයෝගී කරගෙනය.

කෙසේ වෙතත් ඒ අවස්ථාවේදී නොසන්සුන්කාරී තත්වයක් හටගෙන ඇති අතර අරලිය ගහ මන්දිරයේ තවමත් රැඳී සිටින එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසක් අජිත් ප්‍රසන්නට දැඩිසේ පහර දී ඇත.බලහත්කාරයෙන් අගමැතිකම ලබා ගත්තායින් නොනැවතී මෙවැනි ක්‍රියා කිරීමට යාම එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ දැඩි කෝපයට හේතු වී ඇති නිසා මෙම පහර දීම සිදුවී ඇත.

කෙසේ වෙතත් පහර කෑමෙන් තුවාල ලැබූ අජිත් ප්‍රසන්න මේ වන විට රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.

More From the Web