ඕස්ටේ‍්‍රලියානු ක්‍රිකට් කණ්ඩායමටත් ශ්‍රී ලංකාවේ ලෙඩේ බෝ වෙලා – එක දිගට තරඟ 07ක් පරාජය වේ

<a href='http://www.slstory.com/?p=29245&preview=true'>ඕස්ටේ‍්‍රලියානු ක්‍රිකට් කණ්ඩායමටත් ශ්‍රී ලංකාවේ ලෙඩේ බෝ වෙලා – එක දිගට තරඟ 07ක් පරාජය වේ</a>

ඕස්ටේ‍්‍රලියානු ක්‍රිකට් කණ්ඩායම මේ වනවිට එක්දින පරාජයන් රැල්ලකට හසුව ඇති බව වාර්තා වේ.සංචාරක දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගය ඔවුන් ඊයේ (04) පරාජයට පත්වූයේ පිට පිටම හත්වන එක්දින තරග පරාජයත් වැළඳ ගනිමිනි.ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම මෙම වසරේ මේ දක්වා සහභාගී වූ එක්දින තරග 11න් ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණක් වීම විශේෂත්වයකි.

පර්ත්හි ඊයේ පැවති තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම ලකුණු 152කට සීමා කිරීමට දකුණු අප‍්‍රිිකානු පන්දු යවන්නන් සමත් විය.30 වන පන්දුවාරයේදී කඩුලූ 04ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යමින් දකුණු අප‍්‍රිකානු කණ්ඩායම මෙම තරගයේ ජය වාර්තා කරන ලදී.

මේ අතර ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙම වසරේ එක්දින තරග 17කට ක‍්‍රීඩා කරමින් ජයගෙන ඇති තරග සංඛ්‍යාව 06කි.කෙසේ නමුත් ලොව ප්‍රබල ක්‍රිකට් කණ්ඩායම් දෙකක් ලෙස ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව මේ මුහුණදී ඇති පරාජයන් සම්භන්දයෙන් ලෝකයේම අවධානයට ලක්වී තිබේ.

More From the Web