14 වැනිදා පාර්ලිමේන්තුව රැස් වූ වහාම මොකද්ද වෙන්නේ?

<a href='http://www.slstory.com/?p=29534&preview=true'>14 වැනිදා පාර්ලිමේන්තුව රැස් වූ වහාම මොකද්ද වෙන්නේ?</a>

පාර්ලිමේන්තුව 14 වැනිදා රැස් වූ වහාම පාර්ලිමේන්තුවේ බහුතර බලය කාට දැයි විමසන බව කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (07 දා) පැවති පක්‍ෂ නායක රැස්වීමේදී ප්‍රකාශ කළ බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා කීය.

එහෙත් මෛත්‍රී – මහින්ද ආණ්‌ඩු පක්‍ෂ නායකයන් ඊට විරෝධය පළ කර ඇති අතර එදින පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් ආරම්භ කොට පාර්ලිමේන්තුව වෙනත් දිනයකට කල් තැබීම පමණක්‌ කරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා තිබේ.

එහෙත් කථානායක ඔවුන්ට පවසා ඇත්තේ තමන්ට මන්ත්‍රීවරුන් 116 දෙනකුගේ අත්සන් සහිත ලියෑවිල්ලක්‌ ලැබී තිබෙන බවත් එමඟින් කියා ඇත්තේ වහාම පාර්ලිමේන්තුව කැඳවා බහුතරය ඇත්තේ කුමන පාර්ශ්වයට ද කියා සොයා බලන ලෙස ඉල්ලීමක්‌ කර තිබෙන බවය.

එබැවින් තමන් පාර්ලිමේන්තුව රැස්‌වන ලබන 14 වැනි දින බහුතරය ඇත්තේ කාට දැයි සෙවීමට කටයුතු කරන බව ද පවසා තිබේ. එහිදී බහුතරය ඇත්තේ කුමන පාර්ශ්වයකට වුව ද ආණ්‌ඩු බලය පවත්වාගෙන යැමට හැකි බව ද පවසා ඇත.

දෙපාර්ශවයටම සවන්දුන් කථානායකවරයා ස්වකීය ස්ථාවරය ප්‍රකාශයට පත්කරමින් ඉහත අදහස් දක්වා තිබේ.

බහුතර බලය ඇත්තේ කාට ද ?

මෙහිදී එජාපය ද කථානායකවරයාගෙන් ඉල්ලා ඇත්තේ ලබන 14 වැනිදා පාර්ලිමේන්තුව රැස්‌ වූ විට කථානායකවරයාගේ ප්‍රමුඛතම කාර්යය විය යුත්තේ පාර්ලිමේන්තු බහුතරය ඇත්තේ කාට දැයි සොයා බැලීම බවය.

එජාපය වෙනුවෙන් ලක්‍ෂ්මන් කිරිඇල්ල, තිලක්‌ මාරපන, අජිත් පී. පෙරේරා, ජෝන් අමරතුංග, ගයන්ත කරුණාතිලක යන මහත්වරු සහභාගි වී ඇති අතර ආණ්‌ඩු පාර්ශ්වය වෙනුවෙන් දිනේෂ් ගුණවර්ධන, මහින්ද සමරසිංහ, නිමල් සිරිපාල ද සිල්වා, තිලංග සුමතිපාල,ෆයිසර් මුස්‌තාපා, අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් ද සහභාගි වී ඇත.

දෙමළ සන්ධානය වෙනුවෙන් එම්. සුමන්තිරන් සහ ජනතා විමුක්‌ති පෙරමුණ වෙනුවෙන් අනුර කුමාර දිසානායක යන මහත්වරුන් සහභාගි වී ඇති අතර ඔවුන්ගේ මතය වී ඇත්තේ ද පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇත්තේ කාට දැයි කියා ප්‍රථමයෙන් විමසිය යුතු බවය.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පක්‍ෂ නායක රැස්‌වීම පැයක පමණ කාලයක්‌ පැවති බව ද ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම රැස්වීමෙන් අනතුරුව කතානායක කාර්යාලය විසින් නිකුත් කල නිවේදනය පහත දැක්වේ.

More From the Web