ඡන්දෙකට යන්නේ පොහොටුවෙන් ද? සන්ධානයෙන් ද ? මත ගැටුමක් !

ඡන්දෙකට යන්නේ පොහොටුවෙන් ද? සන්ධානයෙන් ද ? මත ගැටුමක් !

හදිසි මැතිවරණයකට යාමට සිදුවුවහොත් මෛත්‍රී – මහින්ද හවුල එවැනි මැතිවරණයකට ඉදිරිපත්වන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ ‘පොහොට්ටු’ පක්ෂයෙන් ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දරන එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් යන කාරණය ඊයේ දිනය තුලද අලුත් ආණ්ඩුවේ ප්‍රධානි අතර බරපතල ලෙස සංවාදයට ලක්ව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ, පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමේ සුදානමක් සම්බන්ධයෙන් රාවයක් පැතිර යාමත් සමගය.

එසේම, ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරග කරනු ලබන්නේ ‘පොහොට්ටුව’ ලකුණින් බවටත්, වෙනත් කුඩා පක්ෂයක් යටතේ තරග කිරීමට සූදානම් නොමැති බවටත් එම පෙරමුණේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පෙරේදා මාධ්‍ය හමුවකදී සිදුකර ඇති ප්‍රකාශය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ බලවත් කනස්සල්ලට හේතුවී ඇත.

More From the Web