“ඔය මිනිහට කතා ඕනැ නැහැ. මේක අපේ රැළියක්” කියමින් මහින්ද අමරවීරට ජන මහිමයේ කතාව අහිමි කළ හැටි

<a href='http://www.slstory.com/?p=29554&preview=true'>“ඔය මිනිහට කතා ඕනැ නැහැ. මේක අපේ රැළියක්” කියමින් මහින්ද අමරවීරට ජන මහිමයේ කතාව අහිමි කළ හැටි</a>

පසුගිය 05දා පාර්ලිමේන්තුව අසල පැවති රැලියේ න්‍යාය පත්‍රය අනුව කතා පවත්වන ලද දේශකයින් ලැයිස්තුව ඊයේ දිනයේ රැස් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ සැලකිල්ලට ලක්ව ඇත.

එහි එක් අවස්ථාවක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතාට කතාවක් වෙන් කර තිබී ඇති නමුත් වහාම එම කතාව අත්හිටුවන ලද බව වාර්තාවේ. “ඔය මිනිහට කතා ඕනැ නැහැ. මේක අපේ රැළියක්.” යයි පොහොට්ටුවේ ප්‍රධානියකු පැවසු බවද මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

අවසානයේ මහින්ද අමරවීර හා දුමින්ද දිසානායකට පමණක් ‌නොව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසට පවා කතාවක් කිරීමට අවස්ථාවක් හිමි නොවිය.

ඒ වෙනුවට පවිත්‍රා, විමල් වීරවංශ, රෝහිත අබේගුණවර්ධන, ගම්මන්පිළ ආදීන්ට කතා කිරීමට අවස්ථාව ලැබී තිබිණ. මෛත්‍රී පිලේ කිසිවෙකුටවත් කතාවක් පැවැත්වීමට අවස්ථාවක් නොලැබුනු අතර න්‍යාය පත්‍රයෙන් ඔවුන්ගේ නම් කපා හැර තිබිණි.

More From the Web