මහින්ද අමරවීර නිවටයෙකු මෙන් රාජපක්‍ෂට වැඳ වැටෙන පින්තූරය බැසිල්ගේ මාධ්‍ය අංශය එළියට දැමීම නිසා ගැටුමක්

<a href='http://www.slstory.com/?p=29563&preview=true'>මහින්ද අමරවීර නිවටයෙකු මෙන් රාජපක්‍ෂට වැඳ වැටෙන පින්තූරය බැසිල්ගේ මාධ්‍ය අංශය එළියට දැමීම නිසා ගැටුමක්</a>

අලුත් ආණ්ඩුව ආරම්භයේදී ම එල්ලවෙමින් තිබෙන කෙනෙහිලි සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුවට සහය දැක්වූ ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් පිරිසක් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර හා ශ්‍රීලනිප ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා හමුවී තමන් මුහුණ දී සිටින අර්බුදය පැහැදිලිකර තිබේ.

අලුත් ආණ්ඩුව යටතේ ශ්‍රීලනිප ආසන සංවිධායකයින්ට, ශ්‍රීලනිපය නියෝජනය කරන පළාත් සභා හා පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ අනාගතය සම්බන්ධයෙන් ලබාදිය හැකි සහතිකය කුමක්දැයි එම මන්ත්‍රීවරුන් ඇමතිවරුන් දෙදෙනාගෙන් විමසා ඇත.

හදිසි මහ මැතිවරණයක් පැවැත්වුවහොත් ශ්‍රීලනිප ඇමැතිවරුන්ටද පොහොට්ටුවෙන් තරඟ කිරීමට සිදුවීමේ අනතුර මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා කර ඇති අතර නාමයෝජනා ලබාදුන්නා ද පසුව ශ්‍රීලනිප අපේක්ෂකයින් සැලසුම් සහගතව පරාජය කරවීමේ හැකියාව මෙහිදී කතාබහට ලක්ව තිබේ.

අමාත්‍ය අමරවීර මහතා අලුත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දෙකට නැමි සිටින ජායාරුපය සමාජ මාධ්‍යවෙත මුදාහැර ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය විසින් බවද මෙහිදී ප්‍රකාශ වී ඇත.

More From the Web