ජනපති මෛත්‍රීපාල සමඟ වැඩකිරීමට සූදානම් : රනිල් ද හින්දු පුවත්පතට කියයි

ජනපති මෛත්‍රීපාල සමඟ වැඩකිරීමට සූදානම් : රනිල් ද හින්දු පුවත්පතට කියයි

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට අවස්ථාව ලබා දුන්නොත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සමඟ වැඩ කටයුතු කිරීමට සූදානම් බව ඔක්තෝබර් 26 වැනිදා හිටිහැටියේම බලයෙන් ඉවත් කළ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මීට පෙර කිසිදු අවස්ථාවක නොවූ අයුරින් බල අරගලයකට මැදි වී සිටින වික්‍රමසිංහ මහතා තමන් රටේ නීත්‍යනුකූල අග්‍රාමාත්‍යරයා යන අයිතිවාසිකම සනාථ කිරීමේ සටනක යෙදී සිටි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, වික්‍රමසිංහ මහතාගේ ධුරයට පත් කිරීමත් අනතුරුව නොවැම්බර් 16 වැනිදා දක්වා පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබීමත් සමඟ මෙම බල අරගලය නිර්මාණය විය.

ජනාධිපතිවරයා මේ සතියේ පැවැති ප්‍රසිද්ධ මහජන රැලියකදී පෞද්ගලික කරුණු ඈඳා ගනිමින් වික්‍රමසිංහ මහතාට වාග් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ සිරිසේන මහතා සහ වික්‍රමසිංහ මහතා අතර මතභේදාත්මක සබඳතාව තවදුරටත් පිරිහීමට ලක්විය.

තවදුරටත් ජනාධිපතිවරයා සමඟ කටයුතු කළ හැකිදැයි විමසූ විට වික්‍රමසිංහ මහතා මෙසේ කීය. “මට ඔහුත් සමඟ වැඩ කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. එය ඔබ ඔහුගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක්. පෞද්ගලික පූර්ව නිගමන සහ විනිශ්චය කිරීම්වලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන වෙන් කර නැහැ” යනුවෙනි.

කොළඹ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වන ‘අරලිය ගහ මන්දිරියේදී’ ‘ද හින්දු’ පුවත්පත හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් වික්‍රමසිංහ මහතා එම කරුණු සඳහන් කළේය.

More From the Web