මඩපුවක් වැඩේට තමා සම්බන්ධ නැතැයි ජයසූරිය කියයි

මඩපුවක් වැඩේට තමා සම්බන්ධ නැතැයි ජයසූරිය කියයි

මඩ පුවක්‌ ඉන්දියාවට යෑවීමේ ජාවාරමට තමා සම්බන්ධ නැති බවත් එය මුළුමණින්ම බොරුවක්‌ බවත් හිටපු ක්‍රිකට්‌ ක්‍රීඩක සනත් ජයසූරිය මහතා කියා සිටී.

නරක්‌ වූ පුවක්‌ ජාවාරමට සනත් ජයසූරිය සම්බන්ධ බවට ඉන්දීය ආදායම් බුද්ධි ඒකකය කර ඇති ප්‍රකාශයට ප්‍රතිචාරය දක්‌වමින් ජයසූරිය මහතා මේ බව කියා සිටියේය.

තමා බුලත් අලෙවි කිරීමේ ව්‍යාපාරකට ද සම්බන්ධ නැති බවද හෙතෙම කියා සිටී.

සනත් ජයසූරිය ඇතුළු ක්‍රිකට්‌ ක්‍රීඩකයන් දෙදෙනකුට දෙසැම්බර් 02 වැනිදා මුම්බායි ආදායම් බුද්ධි ඒකකය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබිණි.

නිව් ඉන්දියන්ස්‌ එක්‌ස්‌ප්‍රස්‌, හින්දුස්‌තාන් ටයිම්ස්‌, ටයිම්ස්‌ නිවුස්‌, ඉන්දියා ටුඩේ ඇතුළු ඉන්දීය මාධ්‍ය එකමුතුව මේ සඳහා විශාල ප්‍රචාරයක්ද ලබාදී තිබිණි.

 

More From the Web