රාජපක්‍ෂ බල තණ්හාවට පින් සිදුවන්නට ශ්‍රී ලංකාව අද දිනයේ තවත් නරා වලකට ඇද වැටෙයි

<a href='http://www.slstory.com/?p=31450'>රාජපක්‍ෂ බල තණ්හාවට පින් සිදුවන්නට ශ්‍රී ලංකාව අද දිනයේ තවත් නරා වලකට ඇද වැටෙයි</a>

ලොව ප්‍රමුඛ පෙළේ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටිංග්ස්, ශ්‍රී ලංකාවේ Long-Term Foreign-Currency Issuer Default Rating (IDR) ශ්‍රේණිය ‘B+’ සිට ‘B’ දක්වා ශ්‍රේණියෙන් පහළට දමා තිබේ.

ෆිච් රේටිංග්ස් මෙහිදී වැඩිදුරටත් කියා සිටින්නේ 2018 ඔක්තෝබර් 26 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හදිසියේම ගත් නව අග්‍රාමාත්‍යවරයෙකු පත්කිරීමේ තීරණයේ ප්‍රතිඵලයක් ලෙසින් මේ වන විට පැන නැඟී ඇති, බාහිර ප්‍රතිමූල්‍යයන අවදානම්, අවිනිශ්චිත ප්‍රතිපත්තීන් මෙම ණය ශ්‍රේණිය පහත දැමීමෙන් නිරූපණය වනු ඇති බවයි.

දේශීය බැඳුම්කර වෙළෙඳපොළේ මේ වන විට විශාල වශයෙන් විදේශීය ගලායාමක් වාර්තාවන බවත් දේශීය විනිමය විනිමය දිගින් දිගටම අවප්‍රමාණය වීම යන කාරණා හමුවේ ආයෝජක විශ්වාසය බිඳවැටීමේ තත්ත්වයක් උදාවී ඇති බව ෆිච් රේටිංග්ස් කියා සිටී. 2019-2022 කාලපරිච්ඡේදය තුළ දී ඩොලර් බිලියන 20.9 ක දැවැන්විත දේශීය ණය ප්‍රමාණයක් ගෙවීමට ශ්‍රී ලංකාව බැඳී සිටින අතර මේ වන විට ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7.5 ක් පමණ බව ද ෆිච් අවධාරණය කරයි.

පවතින දේශපාලන කැළඹීම පාර්ලිමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි කෙරීගෙන යාමට බාධා වී ඇති අතර එය රටේ බාහිර ප්‍රතිමූල්‍යයන අවදානම තවදුරටත් ව්‍යාකූල කිරීමට හේතු වී ඇති බව ද ෆිච් පවසයි.

ෆිච් රේටින්ග්ස් යනු ලොව ප්‍රමුඛතම ණය ශ්‍රේණිගත කිරීම් සිදුකරන සමාගමයි. මීට පෙර මූඩිස් ආයතනයද ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහළ දැමීමට කටයුතු කළේය.

නමුත් ලොව වැඩිම දෙනෙක් පිළිගන්නා හා වැඩිම ආයතන ප්‍රමාණයක් සලකා බලන ණය ශ්‍රේණිගත කිරීම වන්නේ ෆිච් රේටින්ග්ස් ආයතනයේ ශ්‍රේණිගත කිරීමයි.

 

More From the Web