සිරිසේන ජනපති පොළොන්නරුවට ගොස් කුඹුරු කොටා ජිවත් වීමට සැරසෙයි

<a href='http://www.slstory.com/?p=31535&preview=true'>සිරිසේන ජනපති පොළොන්නරුවට ගොස් කුඹුරු කොටා ජිවත් වීමට සැරසෙයි</a>

අද වන විට රටේ උද්ගත වී ඇති දේශපාලන ව්‍යාකුලතාවය සඳහා සෘජුව වග කිව යුතු පුද්ගලයා ලෙස සිරිසේන ජනාධිපතිවරයා මේ වන විට කටයුතු කරන බව මනාව ඔප්පු වී තිබේ.ඒ අනුව මෙම ක්‍රියාවලියේ කවදාක හෝ තමා බිත්තියටම හේත්තු කළහොත් ජාතිය අමතා ජනාධිපතිධුරයෙන් ඉවත්වී පොලොන්නරුවට ගොස් ගොවිතැන් කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළ බව මනෝ ගනේෂන් මහතා පවසයි.

සිය නිළ ට්විටර් ගිණුම ඔස්සේ පණිවුඩයක් තබමින් ඔහු මෙලෙස සඳහන් කර ඇත.පසුගිය සඳුදා (03) දින රාත්‍රියේ පක්ෂ නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙලෙස ප්‍රකාශ කළ බව මනෝ ගනේෂන් මහතා වැඩිදුරටත් පවසා තිබේ.

මේ පිළිබඳව සමාජයේ බොහෝ දෙනා මත පළ කරන අතර වැඩි දෙනෙක් කියා සිටින්නේ සිරිසේන ජනාධිපතිවරයා මේ වන විටත් රටේ සමස්ත ජනතාව බිත්තියට හේත්තු කර අවසන් නිසා ඔහුගේ ඉරණමත් එයම වීමට වැඩි ඉඩ කඩක් ඇති බවය.

More From the Web