රාජිතට කිසිම අසනීපයක් නෑ

<a href='http://www.slstory.com/?p=31567&preview=true'>රාජිතට කිසිම අසනීපයක් නෑ </a>

මේ දින වල සාමාජ ජාල මාධ්‍ය හරහා පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය රාජිත සේනාරත්න මහතා රෝගී තත්ත්වයකින් පසුවන බවට පැතිර යන වාර්තා අසත්‍ය බව ඔහුගේ මාධ්‍ය ඒකකය සදහන් කර සිටී.

මන්තී‍්‍රවරයා මේ වනවිටත් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර අරලියගහ මන්දිරයේ ඊයේ (6) සහ පෙරේදා (5) පැවැති සාකච්ඡාවලටද ඔහු සහභාගී වූ බවත් නිවේදනයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයාගේ මාධ්‍ය ඒකකය සඳහන් කර ඇත.

එක්සත් ජාතික පක්ෂයට සහය දක්වමින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ‘‘යුක්තියේ හඬ’’ ජන රැළි සඳහාද රාජිත සේනාරත්න මන්තී‍්‍රවරයා සහභාගී වනු ඇති බවත් මන්ත්‍රීවරයාගේ මාධ්‍ය අංශය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

More From the Web