රටම බලා සිටින නඩුවේ තීන්දුව අද ලබා දෙයිද? – සියලු පක්ෂ සීරුවෙන්

<a href='http://www.slstory.com/?p=31570'>රටම බලා සිටින නඩුවේ තීන්දුව අද ලබා දෙයිද? – සියලු පක්ෂ සීරුවෙන්</a>

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය පිටපිටම හතරවන දිනටත් අද (07) සිදු කිරීමට නියමිතය.ඒ අගවිනිසුරු නලින් පෙරේරා ප‍්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණයේ සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේය.

අද දිනයේ මෙම නඩුවේ තීන්දුව ලබා දෙනු ඇතැයි ඇතැම් පිරිස් විශ්වාසයෙන් පසුවේ.එහෙත්, පාර්ශවකරුවන් විසින් තවදුරටත් කරුණු දැක්වීම් සිදු කෙරෙන බැවින් අද දිනයේද නඩුවේ තීන්දුව ලබා දීම සිදු නොවනු ඇති බවට තවත් පාර්ශවයක් විසින් අදහස් දක්වා සිටි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසන්නේ අද දිනයේ නඩු තීන්දුව ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හිමිව තිබෙනා කාල සීමාව ප්‍රමාණවත් නොවනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.කෙසේ නමුත් ලබන 14වනදාට පෙර කෙසේ හෝ මෙහි තීන්දුව ලබා දීමට අධිකරණය කටයුතු කරනු ඇති බව අනිවාර්යය කරුණ වේ.

More From the Web