රජයේ ආයතන වල උත්සව සුඛෝපභෝගි හෝටල්වල පැවැත්වීම ජනපති තහනම් කරයි

<a href='http://www.slstory.com/?p=31574'>රජයේ ආයතන වල උත්සව සුඛෝපභෝගි හෝටල්වල පැවැත්වීම ජනපති තහනම් කරයි</a>

මේ දින වල සිරිසේන ජනාධිපතිවරයා නව සැලැස්මක් යටතට සිය ක්‍රියාවලිය මෙහෙයවා ඇති බව පෙනෙන්නට තිබේ.ඒ අනුව අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප‍්‍රමුඛ සියළුම රජයේ ආයතනවල උත්සව සදහා සුඛෝපභෝගි හෝටල් භාවිත කිරීම තහනම් කරමින් රජය චක‍්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි එම චක‍්‍රලේඛය නිකුත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කර සිටී.රජයට සම්බන්ධ ශ‍්‍රවණාගාර සහ ආයතන රාශියක් තිබියදී ඒවා භාවිත නොකර අධික මිළ ගණන් ගෙවා රජයේ උත්සව සුඛෝපභෝගි හෝටල්වල පැවැත්වීම මගින් සිදුවන අධික මුදල් නාස්තිය වැළැක්වීමේ පියවරක් ලෙස ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබෙන බව සදහන් වේ.

More From the Web