ඩිල්ශාන් දේශපාලනයට ඇවිත් සනත් සහ අර්ජුන වගේම වෙයිද ?

<a href='http://www.slstory.com/?p=31578&preview=true'>ඩිල්ශාන් දේශපාලනයට ඇවිත් සනත් සහ අර්ජුන වගේම වෙයිද ?</a>

තිලකරත්න දිල්ශාන් යනු අපේ රටෙන් බිහිවූ විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙකි.කෙසේ වෙතත් විවිද හේතු මත ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් ඔහු මේ වන විට දේශපාලනයට ප්‍රවිෂ්ඨ වීමට සුදානම් වෙමින් සිටී.ඒ අනුව ඉදිරි මැතිවරණයකට ඉදිරිපත්වීම කෙරෙහි තවමත් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂන් සදහන් කරන ලදී.ඔහු මේ බව පැවසුවේ අද (06) පැවති මාධ්‍ය හමුවකදිය.

මෙහිදී මාධ්‍යවේදින් ඩිල්ෂාන්ගෙන් විමසා සිටියේ හිටපු ක්‍රිකට් නායකයන් වන අර්ජුන රණතුංග සනත් ජයසූරිය වැන්නන්ට අත්වූ ඉරණනම ඔහුටද අත්වේද යන්නයි.එම පැනයට පිලිතුරු දුන් ඩිල්ෂාන් පැවසුවේ අර්ජුන රණතුංග ,සන්ත ජයසූරිය සහ තමා වෙනස් අයුරින් සිතන පුද්ගලයන් බැවින් එවැන්නක් සිදු නොවනු ඇති බවය.

”මට සන්තෝසයි කියන්න මම පවුල් 5000කට වඩා ජීවත් කරනවනවා.මගේ වැඩපිලිවෙල වෙනස්.මේ වනකොට මම අවුරුදු 10 – 12 සමාජ සේවය කරගෙන යනවා .රටේ තිබෙන සියලු ජාතික පාසල් වලට මගේ ගානේ ක්‍රීඩා භාන්ඩ ලබාදෙනවා.මොකද ඔවුන්ට ඒ අවස්ථාව ලබාදිය යුතු ක්‍රීඩාව නගා සිටුවන්න” යනුවෙන්ද ඔහු වැඩිදුරටත් සඳහන් කරන ලදී.

More From the Web