අපේ කාලයේ නම් අධිකරණය ආණ්ඩුවේ කටයුතු වලට මැදිහත් වෙලා නෑ – මහින්ද කියයි

අපේ කාලයේ නම් අධිකරණය ආණ්ඩුවේ කටයුතු වලට මැදිහත් වෙලා නෑ – මහින්ද කියයි

මින් පෙර කිසිදු අවස්ථාවක පහල අධිකරණයකින් ආණ්ඩුවක කටයුතු අත්හිටුවා නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර තිබේ. නාරාහේන්පිට අභයාරාමයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව සදහන් කරන ලදී.

ජනාධිපතිවරයා හා අමාත්‍යංශ ලේකම්වරු සිටින බැවින් රජයේ වැඩකටයුතු සුපුරුදු පරිදි සිදුකරගෙන යන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරන ලදී.එසේම මෙම ප්‍රකාශය හරහා ගම්‍ය වන්නේ මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ කාලයේදී අධිකරණ තීන්දු තමාට අවශ්‍ය පරිදි ලබා දීම බව බොහෝ විද්වතුන් සදහන් කර සිටී.

මේ වන විට අධිකරණය ඉතාමත් ස්වාධින ලෙස කටයුතු කරන අතර ඉදිරියේදීත් නිවැරදි තීන්දු තීරණ ලබා දීමට කටයුතු කරනු ඇති බව රටේ සමස්ථ ජනතාවගේ පැතුම වී තිබේ.

More From the Web