O/L විභාගයේදී SMS මගින් සිය උපකාරක පන්තියේ සිසුවෙකුට පිළිතුරු යැවූ ගුරුවරියක් අත්අඩංගුවට

<a href='http://www.slstory.com/?p=31597&preview=true'>O/L විභාගයේදී SMS මගින් සිය උපකාරක පන්තියේ සිසුවෙකුට පිළිතුරු යැවූ ගුරුවරියක් අත්අඩංගුවට</a>

මේ දින වල සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන බව රටම දන්නා කරුණකි.කෙසේ වෙතත් විභාගය පැවැත්වෙන අතරතුර මෙවරද විභාග වංචාවක් සම්භන්දයෙන් පළමු පුවත වාර්තා වී තිබේ.ඒ අනුව අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාග රාජකාරීවල නිරතව සිටිමින් වෙනත් විද්‍යාලයක ඉංග‍්‍රීසි විෂය සඳහා පෙනි සිටි විභාග අපේක්‍ෂකයකුට ජංගම දුරකතනයක් භාවිතා කරමින් කෙටි පණිවිඩ මගින් පිළිතුරු යැවූ බවට සැකපිට විභාග රාජකාරියේ නිරත ගුරුවරික අත්අඩංගුවට ගැනීමට බළන්ගොඩ පොලීසිය කටයුතු කර තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බළන්ගොඩ දෙමළ විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයට අනුයුක්තව සේවය කළ පාසල් ගුරුවරියකි.

මෙම ගුරුවරිය අත්අඩංගුවට ගැනීමට පෙර ගුරුවරිය විසින් ජංගම දුරකතනයට එවන ලද කෙටි පණිවිඩ භාවිතා කරමින් ඉංග‍්‍රීසි ප‍්‍රශ්න පත‍්‍රයට පිළිතුරු ලියු 19 හැවිරිදි විභාග අපේක්‍ෂකයා බළන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඔහු බළන්ගොඩ ජාතික පාසලක විභාග මධ්‍යස්ථානයේ විභාගය ලියූ අපේක්‍ෂකයෙකි.

අත්අඩංගුවට පත් සැකකාර ගුරුවරිය කෙටි පණිවිඩ යැවූ දැනට අත්අඩංගුවේ පසුවන විභාග අපේක්‍ෂකයාට උපකාර පන්තියක් පවත්වා ඉංග‍්‍රීසි ඉගැන්වූ ගුරුවරියක බවට තොරතුරු හෙළි වී තිබේ.

More From the Web