200කට තුවාල සිදු කරමින් දුම්රිය දෙකක් එකිනෙක ගැටේ

<a href= 'http://www.slstory.com/?p=9130&preview=true' > 200කට තුවාල සිදු කරමින් දුම්රිය දෙකක් එකිනෙක ගැටේ </a>

අද උදෑසන සුපුරුදු පරිදි තම සේවා ස්ථාන වෙත යමින් සිටි පිරිසක් රැගත් දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී තිබේ.ඒ දකුණු අප්‍රිකාවේදිය.සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 200ක් තුවාල ලබා ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

ජොහැන්නස්බර්ග් අගනුවර සිට කිලෝමීටර් 20ක් දුරින් පිහිටි ජර්මිස්ටන් නගරයේ අනතුර සිදුව තිබේ. තුවාල ලැබූවන් සුලු මට්ටමේ තුවාල ලබා ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භකර ඇති අතර පසුගිය සතියේ දී එරට කෘෘන්ස්ටඩ් ප්‍රදේශයේ සිදුවූ දුම්රිය අනතුරෙන් පුද්ගලයින් 18දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 268 දෙනෙකු තුවාල ලැබීය.

ආසන්න කාල සීමාවකදී මෙලෙස දුම්රිය අනතුරු සිදුවීම පරිපාලනමය ගැටළුවක් හෝ කිසියම් කඩා කප්පල්කාරී ක්‍රියාවක්ද යන්න මේ වන විට සොයමින් පසුවන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

More From the Web