අනතුර සිදුකළ පොලිස් නිලධාරියාගේ දියණියට කෝටි 3 කට වැඩි වාහනයක් කොහෙන්ද.?

1804
Ads by AOL

බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ දියණිය ධාවනය කළ අති සුඛෝපභෝගී රියක් කොළඹ 7, කුරුඳුවත්ත ප්‍රදේශයේ වාහන අලෙවිසලකට කඩා වැදී ඇත.ඇයට රියදුරු බලපත්‍රයක් පවා නැතැයි පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

ඉන් එම වෙළෙඳ ආයතනයට බරපතළ අලාභහානි සිදුවී ඇත. මෙම තරුණියගේ සොයුරාද 2019 මාර්තු 9 වැනිදා නොසැලකිලිමත් අයුරින් රිය ධාවනය කිරීමෙන් වූ අනතුරකින් එවකට බොරැල්ල පොලිසියේ රථවාහන අංශ ස්ථානාධිපතිගේ ජීවිතයද අහිමි වී ඇති බවද පොලිසිය පවසයි.

Ads by AOL
Sri Lankan Matrimony

මේ සම්බන්ධව නාගරික රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩගෙන් විමසූ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කළේ; ‘නිසි විමර්ශන කුරුඳුවත්ත පොලිසිය විසින් සිදුකරන බව හා රිය පැදවූ බව කියන තරුණියට රියදුරු බලපත්‍රය ​නොමැති බව හෙළි වී ඇති බවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව අප සිදුකළ සොයා බැලීමේදී අනාවරණය වුයේ මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ හිතවත් පොලිස් නිලධාරියෙකු මෙම දියණියගේ පියා බවයි.

ඇයගේ සහෝදරිය බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා යටකර තිබුණේ මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත්‍රයා සමඟ මත්පැන් සාදයකට සහභාගී වී ආපසු යමින් සිටියදීය.

දූෂිත නිලධාරියෙකු ලෙස ප්‍රකට මෙම පොලිස් නිලධාරියාගේ දියණියට රුපියල් කෝටි 3ක් වටිනා ටොයෝටා ලෑන්ඩ් කෘසර් මෝටර් රථයක් ලබා දීමට තරම් වත්කමක් මෙම පොලිස් නිලධාරියට ඇත්තේ කෙසේදැයි යන්න ගැටලුවකි. එසේම ඇයගේ සහෝදරයාටද මෙම නිලධාරියා විසින් රුපියල් ලක්ෂ 100ට වඩා වැඩි වටිනාකමින් යුතු වාහනයක් ලබාදී තිබේ.

No description available.

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply