31 C
Colombo
Wednesday, January 27, 2021
Sri Lankan Matrimony
මුල් පිටුව තාක්ෂණික අයිෆෝන් රැසකට ජනවාරියේ වට්සැප් අහිමි වෙයි

අයිෆෝන් රැසකට ජනවාරියේ වට්සැප් අහිමි වන බව බිස්නස් ඉන්සයිඩර් වෙබ් අඩවිය සඳහන් කරයි.

ලෝකයේ බහුලවම භාවිත වන සමාජ ජාල පණිවිඩ හුවමාරු මෘදුකාංගයක් වන වට්ස්ඇප් සේවා 2021 ජනවාරි 01 වැනිදා සිට සමහර අයි-ෆෝන් සහ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනවල ක්‍රියා විරහිත වනු ඇති බවට සඳහන් වෙයි.

- Ads by AOL-
Sri Lankan Matrimony

මෙම මෘදුකාංගයේ නවතම යාවත්කාලීන ක්‍රමවේදයන් පැරණි ඇපල් මෙහෙයුම් පද්ධතින් සහ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතීන් ඇති දුරකථන තුළ ක්‍රියාත්මක වීමට ඇති තාක්ෂණික පහසුකම් නොමැති වීම නිසා මෙලෙස එම දුරකථන තුළින් වට්ස්ඇප් මැසේජ් සේවාව ඉවත්ව යනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

WhatsApp FAQ section’ නම් වට්ස්ඇප් පරිශිලකයන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සපයන සේවාව ලබාදී ඇති තොරතුරු අනුව වට්ස්ඇප් සේවාව ක්‍රියාත්මක වීමට ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් දුරකථනවල ඇන්ඩ්‍රොයිඩ් 4.0.3 මෙහෙයුම් පද්ධතිය හෝ ඊට ඉහළ මෙහෙයුම් පද්ධතියක් අවශ්‍ය වන අතර, ඇපල් ස්මාර්ට් දුරකථනයන් සඳහා iOS 9 මෙහෙයුම් පද්ධතිය සහ ඊට ඉහළ මෙහෙයුම් පද්ධතියක් අවශ්‍ය වේ.

Phone 4, iPhone 4s, iPhone 5, iPhone 5S, iPhone 6, iPhone 6S යන දුරකථනයන් සඳහා වට්ස්ඇප් මැසේජ් සේවාව අහිමි වනු ඇත.

එමෙන්ම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය මත ක්‍රියාත්මක වන HTC Desire, Motorola Droid Razr, LG Optimus Black, Samsung Galaxy S2 වැනි ස්මාර්ට් දුරකථනවලටද මෙම සේවාව අහිමි වනු ඇත.

අනෙකුත් දුරකථන වල පැරණි මාදිලි වලට වැඩිපුර බලපෑමක් වුවත් නවතම මාදිලියේ අයිෆෝන් රැසකට ජනවාරියේ වට්සැප් අහිමි වීම හේතුවෙන් ඇපල් පාරිභෝගිකයන්ට මෙහි වැඩිම බලපෑම සිදුව තිබේ.

තමන්ගේ දුරකථනයට මෙම සේවාව අහිමි වනවාදැයි බැලීමට………

ඇපල් දුරකථනයක් නම්

Setting menu > General > About > Software යන පිළිවෙළට ඔබට වට්ස්ඇප් සේවාව ක්‍රියාත්මක වනවාදැයි බැලිය හැකිය.

 


ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් නම්

Setting menu > About Phone යන ආකාරයට ගොස් ඔබේ දුරකථනයේ වට්ස්ඇප් සේවාව ක්‍රියාත්මක වනවාදැයි බැලිය හැකිය.

 

Sri Lankan Matrimony

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Ads by AOL -
Sri Lankan Matrimony

ජනප්‍රිය ලිපි

වාහන ආනයනය නැවැත්වීමෙන් රුපියල් කෝටි 8000 ක පාඩුවක්

මෝටර් රථ ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දැමීම හේතුවෙන් ඉකුත් 2019 වසරට සාපේක්ෂව 2020 වසරේ දී රුපියල් බිලියන 80ක බදු ආදායමක් අහිමි වී ඇතැයි...

සබීතාට තවමත් මාසෙට කෝටි දෙකක් ගෙවයි

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතළු රාජ්‍ය ආයතන හාරසියයක් පමණ තිබෙන අතර ඉන් භාගයට භාගයක්ම පවත්වාගෙන යන්නේ කුලී පදනම මත පෞද්ගලික ගොඩනැගිලි වල...

පවිත්‍රාගේ ඩ්‍රාම එක‍ට වසරයි

පළමු කොරෝනා රෝගියා සුව කිරීමේ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ නාට්‍යයට අදට වසරක් සපිරෙයි. මේ වනවිට පවිත්‍රා වන්නිආරච්චි මහත්මියටත් කොරෝනා වැළඳී තිබීම සුවිශේෂී කරුණකි. දින...

මහබැංකුවේ නව තීරණයට වෙළෙඳුන්ගේ දැඩි විරෝධය

භාණ්ඩ ආනයනය කිරීම වෙනුවෙන් ඉදිරි විනිමය ගිවිසුම්වලට එළැඹීම අවලංගු කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ චක්‍රලේඛයට ආනයනකරුවන්ගේ සහ තොග වෙළෙඳුන්ගේ දැඩි...

පාඨක අදහස්