31 C
Colombo
Thursday, January 21, 2021
මුල් පිටුව උණුසුම් පුවත් අසාමාන්‍ය ලෙස පරීක්‍ෂණ අඩු කරලා ඒකයි රෝගීන් අඩු

“අසාමාන්‍ය ලෙස පරීක්‍ෂණ අඩු කරලා ඒකයි රෝගීන් අඩු” හරිත අලුත්ගේ පවසයි. කොරෝනා ආසාදිතයන් හඳුනාගන්නා පරීක්ෂණ ධාරිතාව මේ වන විට අසාමාන්‍ය ලෙස පහත බැස ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

වෛරස ආසාදිතයන් ගණන අඩුකරගන්නේ පරීක්ෂණ අඩු කිරීමෙන් නම් එය ඉතා කනගාටුදායක තත්ත්වයක් බව සංගමය සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

පරීක්ෂණ අඩුවෙන් සිදු කර රෝගීන් ගණන අඩු කරගන්නේ නම් එය බෝම්බයක් උඩ සිටීමක් හා සමාන බවද ඔහු කියා සිටියේය.

දිනකට පරීක්ෂණ සංඛ්‍යාව 20,000 දක්වා ඉහළ නංවා ගත යුතු බවට දැනුම් දී තිබිය දී මේ දිනවල එය දහදාහක් අඩු මට්ටම පහත වැටී ඇතැයි ද ඒ මහතා පෙන්වා දෙයි.

හැකිතාක් පරීක්ෂණ තවදුරටත් ඉහළ නංවමින් රෝගීන් හඳුනා ගත යුතු බවත් නැතහොත් ඉදිරියේ දී ආසාදිතයන් තවත් වැඩි විය හැකි බවත් ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

වසංගතය හේතුවෙන් වැසූ ගුවන් තොටුපොළ යළි විවෘත කෙරේ

කොවිඩ් වසංගතය හේතුවෙන් වැසූ කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ අද (21) සිට යළි සංචාරකයින් සඳහා විවෘත කෙරුණි. එළෙස ගුවන් තොටුපොළ විවෘත කෙරුණේ මාස...

මහින්ද හා සජිත් ඇමරිකානු ජනාධිපතිට හා අගමැතිට සුබ පතයි

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇමරිකානු අභිනව ජනාධිපතිවරයට හා අගමැතිවරියට සුබ පැතුම් එක්කර තිබේ. අමෙරිකාවේ 46 වන...

බස්නාහිර පාසල් පෙබරවාරි 15 සිට ආරම්භ කරනවා

බස්නාහිර පළාතේ පාසල් පෙබරවාරි මස 15 වනදා වන විට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. ලේකම්වරයා පෙන්වාදෙන්නේ...

කන්න පොල් ගෙඩියක් සොරාකම් කළාට ලක්ෂයක් ඇප ඉල්ලයි

කන්න නැතිකමට පොල් ගෙඩියක් සොරාකම් කළාට රු.100000ක ඇප නියම කිරීමේ පුවතක් වාර්තා වේ. ගම්පහ, නීලමහර ප්‍රදේශයේ වත්තකට ඇතුළු වී කන්න පොල් ගෙඩියක් සොරකම් කළේ...

පාඨක අදහස්