ආණ්ඩුව වාහන ආනයනය කරේ කැබිනට් අනුමතියත් නැතිව

74
ආණ්ඩුව වාහන ආනයනය
Ads by AOL

ආන්⁣දෝලනයකට තුඩු දී තිබෙන මන්ත්‍රීවරුන්ට අධි සුඛෝපභෝගී වාහන ⁣තොගයක් ආනයනය කිරීමට ආණ්ඩුව ණයවර ලිපි විවෘත කර ඇත්තේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමටත් පෙර බව ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.

අද (11) සවස පැලවත්ත එම පක්ෂ මූලස්ථානයේදී අන්තරජාලය හරහා මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා මෙම වාහන ගෙන්වීම පිටුපස ඇති කරුණු රැසක් ගැන අනාවරණය කරනු ලැබීය. මන්ත්‍රීවරයා පවසන්නේ මේ මොහොත වන විට මෙරට ආර්ථිකය කඩා වැටීමක්, ජනජීවිතය අඩාල වීමක් වගේම කොවිඩ් වසංගතයට මුහුණ දීමට ප්‍රමාණවත් පහසුකම් නොමැති වීමෙන් බරපතළ ගැටළුකාරී තත්වයක රට මුහුණ දී සිටියදී පාලකයින් මෙලෙස සැප වාහන ආනයනය කිරීමට තීන්දු කිරීම මුග්ධ ක්‍රියාවක් බව අවධාරණය කළේය.

Ads by AOL
Sri Lankan Matrimony

ආර්ථිකය කඩා වැටිලා ජනතාව බයට පත්වෙලා රටම ව්‍යවසනයක තියෙද්දි මේ වගේ සැප වාහන ගේනන පුළුවන් මුග්ද පාලකයින්ට විතරයි… ජවිපෙ නායක අනුර දිසානයක

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply