31 C
Colombo
Wednesday, January 27, 2021
Sri Lankan Matrimony
මුල් පිටුව දේශපාලන ආණ්ඩුව වැදූ අම්මාත් විකුණගෙන කන තත්වයට පත්වෙලා

ආණ්ඩුව වැදූ අම්මාත් විකුණගෙන කන තත්වයට පත්ව ඇති බව වකමුල්ලේ උදිත හිමියන් පවසයි. වර්තමාන ආණ්ඩුව බලයට පත්කිරීම සඳහාම දරදිය ඇදපු, පෙරගමන් ගියපු, පසුගමන් ගියපු, ආවඩා අයුබෝ කියපු අයගෙන්ම ආණ්ඩුවට එල්ලවන විරෝධය එන්න එන්නම වැඩිවෙමින් පවතින බව ජාතික භික්ෂු පෙරමුණ පවසයි.

ජාතික භික්ෂු පෙරමුණ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමියන් අද (11) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය. වරාය ඇතුළු රටේ ජාතික සම්පත් කුණු කොල්ලයට විකිණීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ගයන්ට විරෝධය පළකිරීමට කැඳවා තිබූ මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදිත හිමියන්.

- Ads by AOL-
Sri Lankan Matrimony

ගෝඨාභය මහත්තයා බලයට පත්වෙන්න පෙර ඡන්දේ ඉල්ලනකොටත් අපි ජනතාවට කිව්වා ඔහු බලයට පත්වුණාට ජනතාව බලාපොරොත්තු වෙන දේවල් සිදු වෙන්නේ නෑ කියලා. හැබැයි ජනතාව අපි කියන දේ අහන්නේ නැතිව ඔවුන්ට හිතෙන දේ කළා. එදා අපි කියපු දේ වැරදියි කියපු අයටම අද සිද්ධ වෙලා තියෙනවා අපි කියපු දේම ඔවුන්ගේ වචනයෙන් කියන්න.

මේ ආණ්ඩුව ජාතික සම්පත් විකිණීමට විරුද්ධව අද ඇල්ලේ හාමුදුරුවො බොහොම සැරට ආණ්ඩුවට කියනවා. මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ කියනවා ආණ්ඩුවක් තියනවා කියලා අපි දන්නව හැබැයි අපි ඉන්නවා කියලා ආණ්ඩුව දන්නේ නෑ කියලා. මාගල්කන්දේ හාමුදුරුවෝ අභයතිස්ස හාමුදුරුවො දැන් ආණ්ඩුවට විරුද්ධව ප්‍රකාශ නිකුත් කරන තැනට පත්වෙලා.

ඒ නිසා අපි කියන්නේ මේ කොළඹ වරයා කියන්නේ සුරභිදෙනක්. මේ ආණ්ඩුව හරියට වැදූ අම්මාත් විකුණගෙන කන ජාතියේ වැඩකරන්නේ. භික්ෂූන් වහන්සේගේ වගකීම තමයි ජනතාව අනතුරක වැටෙනකොට ඒක පෙන්වා දීලා එයින් ගලවා ගන්න එක. ජාතික භික්ෂු පෙරමුණ ඒ කාර්ය කරන්න සූදානම්.” යනුවෙන් පැවසීය.

මෙම මාධ්‍ය හමුවේදී ජාතික භික්ෂු පෙරමුණේ විධායක සභික නාගස්තැන්නේ අරුණ හිමියන්ද අදහස් දැක්වීය.

also see..

ගෝඨාභයට කඩේ ගිහින් මම කරගත්තේ අමුම අමු ගොන්කමක්”- හඩ්සන් සමරසිංහ

Sri Lankan Matrimony

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Ads by AOL -
Sri Lankan Matrimony

ජනප්‍රිය ලිපි

පවිත්‍රාගේ ඩ්‍රාම එක‍ට වසරයි

පළමු කොරෝනා රෝගියා සුව කිරීමේ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ නාට්‍යයට අදට වසරක් සපිරෙයි. මේ වනවිට පවිත්‍රා වන්නිආරච්චි මහත්මියටත් කොරෝනා වැළඳී තිබීම සුවිශේෂී කරුණකි. දින...

මහබැංකුවේ නව තීරණයට වෙළෙඳුන්ගේ දැඩි විරෝධය

භාණ්ඩ ආනයනය කිරීම වෙනුවෙන් ඉදිරි විනිමය ගිවිසුම්වලට එළැඹීම අවලංගු කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ චක්‍රලේඛයට ආනයනකරුවන්ගේ සහ තොග වෙළෙඳුන්ගේ දැඩි...

කොවිඩ් අස්සේ ඒඩ්ස් රෝගීන් ඉහළට

පසුගිය වසරේ කොවිඩ් වසංතය තුළ පවා මෙරට එච්.අයි.වී (ඒඩ්ස්) ආසාදිත සංඛ්‍යාව 2019 වසරට සාපේක්ෂව ආසාදිතයන් 357 කින් ඉහළ ගොස් ඇති බව ජාතික...

අන්තවාදී ‘බෝන් අගේන්’ කල්ලිය ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශ කරන හැටි

ශ‍්‍රී ලංකාවට වඩාත්ම ජාත්‍යන්තර කීර්තියක් ගෙන ආ ක‍්‍රීඩාව ක‍්‍රිකට් ය. කලක් බොහෝ විදේශිකයන් ශ‍්‍රී ලංකාව හැඳින සිටියේ ‘සනත් ජයසූරියගේ රට’ ලෙසිනි. ශ‍්‍රී...

පාඨක අදහස්