ඇමැතිවරුන් ඔලිම්පික් ගිය හැටි ක්‍රීඩා අමාත්‍යාංශයවත් දන්නෙ නෑ

297
Ads by AOL

ඇමැතිවරුන් ඔලිම්පික් ගිය හැටි ක්‍රීඩා අමාත්‍යාංශයවත් දන්නෙ නෑ

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සමග රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනකු ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට

Ads by AOL
Sri Lankan Matrimony

සහභාගී වූයේ කෙසේද යන්න තමන් නොදන්නා බව තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් අනුරාධ විජේකෝන් මහතා සදහන් කොට ඇත.

ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පෙන්වා දී ඇත්තේ ක්‍රීඩා අමාත්‍යවරයාට පවා අමාත්‍යංශය මගින් වියදම් නොදැරූ බවකි.

එමෙන්ම අනෙකුත් ඇමැතිවරුන් සඳහා මුදල් ලබා දුන්නේ කව්රුන්ද යන්න සම්බන්ධයෙන් තමන් නොදන්නා බවද හෙතෙම සඳහන් කොට තිබේ.

කෙසේවෙතත් ඊයේ පැවැති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ හමුවේදී ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා

කියා සිටියේ එම අමාත්‍යවරුන් අනුග්‍රාහකයන් හරහා ඊට අදාළ මුදල් සොයාගෙන ඇති බවකි.

නමුත් ඊට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කියා සිටියේ එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත්, තමන් පෞද්ගලික වියදමින් එහි පැමිණි බවත්ය.

සබැඳි : කෙහෙළිය කිව්වෙ බොරු. මට කවුරුත් අනුග්‍රහය දැක්වූයේ නෑ – SLStory

ඇමැතිවරුන් ඔලිම්පික් ගිය හැටි ක්‍රීඩා අමාත්‍යාංශයවත් දන්නෙ නෑ

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply