ඇමෙරිකාවේ වයස්ගතම චිම්පන්සියා මියයයි…

165
ඇමෙරිකාවේ වයස්ගතම චිම්පන්සියා
Ads by AOL

ඇමෙරිකාවේ විසූ වයස්ගතම පිරිමි චිම්පන්සියා ලෙස සැලකෙන සැන්ෆ්‍රැන්සිස්කෝ සත්වෝද්‍යානයේ ජීවත් වූ කොබී නම් චිම්පන්සියා මරණයට පත්ව ඇති බව එම සත්වෝද්‍යානය නිවේදනය කර තිබේ.

පසුගිය 6 වැනිදා කොබී මිය යන විට 63 හැවිරිදි වියේ පසු වී තිබේ. මහළු වියේ සිටි කෝබී මෑතකදී සිට අසනීප තත්වයෙන් පෙළී සිටි බවත් මරණයට හේතුව එය විය හැකි බව ඔවුන් අනුමාන කරයි. 1960 දශකයේදී කොබී මෙම සත්වෝද්‍යානය වෙත රැගෙන විත් තිබෙන අතර වසර 42ක් පුරාවට මිනි සහ මැගී යන දෙදෙනාගේ ගෞරවනීය සහකරුවා ලෙස කෝබි සිටී බව සත්ව උද්‍යාන බලධාරීන් පවසයි. මිනී සහ මැගී යන දෙදෙනාට කෝබිගේ වියෝවෙන් දැඩි සේ කම්පා වී සිටින බවත් එම දෙදෙනාගේ වයස අවුරුදු 52ක් බව පැවසේ.

Ads by AOL
Sri Lankan Matrimony

සැන්ෆ්‍රැන්සිස්කෝ සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ටැන්යා පීටර්සන් කෝබිගේ වියෝව පිළිබඳව අදහස් දකවමින් “කෝබිගේ වියෝව සමඟ අපගේ හදවත් බිඳී ඇත. කෝබි යනු අපගේ චිම්පන්සි හමුදාවේ දයානුකම්පිත සහ සානුකම්පිත ප්‍රතාපවත් නායකයා. ඉවසීම සහ ඔරොත්තු දීමේ හැකියාවෙන් ඉහළයි. ඔහුගේ මරණය අපගේ කාර්ය මණ්ඩලයට තදින්ම දැනෙනු ඇත. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් දශක ගණනාවක් තිස්සේ ඔහු ගැන සැලකිලිමත් වූහ.” යනුවෙන් පවසා තිබේ.

ස්වභාව සංරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තූර එකමුතුවට (IUCN) අනුව චිම්පන්සියන් යනු අද ලොව තර්ජනයට ලක්ව ඇති සත්ව විශේෂයකි. දඩයම් කිරීම, වාසස්ථාන අහිමි වීම සහ රෝග වැනි තර්ජන හේතුවෙන් චිම්පන්සියන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති අතර අප්‍රිකාවේ වඩාත්ම අවදානම් සහිත සත්ව කොට්ඨාශයක් ලෙස හඳුනාගෙන තිබේ. වනයේ වෙසෙන චිම්පන්සින් සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ 2ක් පමණ වන බවට හඳුනාගෙන ඇති අතර, ඔවුන්ගේ ආයු කාලය වසර 33ක් පමණ වෙයි. එහෙත් මිනිසුන් ආශ්‍රිතව දිවි ගෙවන චිම්පන්සීන්ගේ ආයු කාලය වසර 50ත් 60ත් අතර වන බවද පැවසෙයි.

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply