තම උත්සාහයෙන් හැකි අයුරින් දියුණුවන්නට උත්සහ කරන තරුණයෙකුට ලැබුණු අපූරු වරමක් ගැන මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබේ.
මෙම විශේෂ අවස්ථාව උදාවන්නේ ඇල්ල මාර්ගයේ පුංචියට තේ කඩයක් හදාගත්ත තරුණයෙක්ට.
ඔහු තම මහන්සියෙන් තැනූ අලංකාර ලෑලි ගොඩනැගිල්ලක මෙම කඩය පවත්වාගෙන යයි.
කඩේට එන ඕනිම දෙස් විදෙස් ඕනෑම සංචාරකයෙකුට ශ්‍රී ලංකාවේ විවිධ තේ වර්ග අතුරින් කැමති රසයක් විඳීමට ඔහු අවස්ථාව උදා කර දී තිබීම විශේෂතත්වයකි.
ඒ සඳහා ශ්‍රී ලංකාවේ විවධ පළාත්වලින් නිපදවෙන තේ වර්ග ඔහු සතුව තිබේ.
මෙම තරුණයා කිසිවිටෙකත් නොසිතූ නොවිරූ අන්දමට යතුරු පැදියකින් එහි පැමිණෙන නොර්වේ ජාතිකයෙකු ඔහුගේ උත්සාහය අගය කරමින් ඩොලර් 1100ක මුදලක් ගෙවා යන්නේ ඔහුගේ වෙළඳාමේ දියුණුවට එය භාවිත කරන ලෙස පවසමින්.
ඒ තමන් තේ කඩයෙන් ලබාගත් රුපියල් 50 ක් වන එක තේ කෝප්පයක් සඳහා වීම විශේෂත්වයකි.
මෙම විදෙස් ජාතිකයා එම අවස්ථාව රූගතකර එය සමාජ මාධ්‍ය වෙත එක්කර තිබුනේ මෙලෙසින්.
Leave a Reply