ඉන්ධන මිල නුදුරේදීම ඉහළ යයි – ගම්මන්පිල

57
ඉන්ධන මිල ඉහල දැමීම
Ads by AOL

ඉන්ධන මිල නුදුරේදීම ඉහළ දැමීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා සිටියේය.

මෙම මිල සංශෝධනය පිළිබඳව ජීවන වියදම පිළිබඳ අමාත්‍ය අනුකමිටුව විසින් තීරණය කර නුදුරේදී ම දැනුම්දෙනු ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.

Ads by AOL
Sri Lankan Matrimony

රට තුළ පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් එම සංශෝධනය සිදුකරන්නේ කවදා ද යන්න කලින් දැනුම් දිය නොහැකි බවත් එසේ සිදුවුවහොත් ජනතාව ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝළිම්වල සිටිනු ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

“ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල දැවැන්ත ලෙස ඉහළ ගිහින් තිබිය දීත් මාස 21 පුරාවට ඉන්ධන මිල සංශෝධනය නොකර මේක කොහොම හරි අල්ලගෙන ඉල්ල අපි කටයුතු කළා. නමුත් අවාසනාවකට තවදුරටත් ආණ්ඩුවට මේ දැවැන්ත අලාභය දරාගෙන ඉන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යන විට මෙතරම් දීර්ඝ කාලයක් මිල සංශෝධනයක් නොකර සිටි යුගයක් ඉතිහාසයේ කවදාවත් නෑ. දිගින් දිගටම වැඩි මිලට ඉන්ධන අරගෙන අඩු මිලට විකිණීම නිසා මේ වන විට 2020 අගවන විට ඛනිජ තෙල් සංස්ථාවේ එකතු වුණ අලාභ රුපියල් කෝටි 33100ක්. ඒ නිසාම ආයතනය දැනටමත් ණය ගෙවා ගත නොහැකි අවදානම් තත්ත්වයකට පත්ව තිබෙනවා. “

ජීවන වියදම පිළිබඳ අමාත්‍ය අනුකමිටුව ඉන්ධන මිල ගැන ගත් තීරණය

ඉන්ධන මිල සංශෝධනයට ජීවන වියදම් පිළිබඳ කැබිනට් අනුකාරක සභාවේ අනුමැතිය

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply