උවමනාවක් තිබ්බ නං තාත්තලා බාප්පලට තෙල් මිල අඩු කරන්න තිබුණා.

124
උවමනාවක් තිබ්බ නං
Ads by AOL

උවමනාවක් තිබ්බ නං තාත්තලා බාප්පලට තෙල් මිල අඩු කරන්න තිබුණා.

ඉන්ධන මිල ඉහළ නොදැමීමට ආණ්ඩුවට සැබෑ අවශ්‍යතාවයක් තිබුණානම්, තාත්තලාට, බාප්පලාට, පුතාලට එකතුවී මිල ඉහළ නොදමා සිටීමට හැකියාවක් තිබුණ බවත්, මිල වැඩි කිරීම හමුවේ තිබෙන ආණ්ඩුවේ නිරුවත හෙළි කිරීම සදහා උදය ගම්මන්පිල ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.

Ads by AOL
Sri Lankan Matrimony

උදය ගම්මන්පිල ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගත් අවස්ථාවේදී පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා මෙසේද පැවසුවේය

ට‍්‍රැෆික් පද්ධතිය නවීකරණය කිරිම සදහා කැබිනට් මණ්ඩලය තීරණය කිරීම හොඳ දෙයක්.

මේ කැබිනට් පත‍්‍රිකාව අනුව ඉදිරිපත් කළ යෝජනාව අනුව උපකරණ ලංකාවට ගෙන්වන්නේ සිකුරාටෙක් කියන ආයතනය විසින්.

මෙම ආයතනයේ පොලිස් ඇමැතිතුමාගේ උපදේශකයෙක් සේවය කර තිබෙනවා.

ඔහු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙස කර තිබෙනවා.

මෙයට අයි.සී.ටී.ඒ. ආයතනයෙන් පත් කළ නියෝජිතයාත් මෙම සමාගමේ කටයුතු කර තිබෙනවා.

මෙම ආයතනට අවශ්‍ය ආකාරයට සකස් කළ කැබිනට් පත‍්‍රිකාව් ඉදිරිපත් කර තිබෙන්නේ.

සිකුරා ටෙක් කියන ආයතන, තමන්ගේ උපදේශකයා දාලා තියෙනවා.

මේ ව්‍යාපෘතිය පොලීසිය භාර ඇමැතිවරයාට පැහැදිළි කළ තැනත් තියෙනවා.

පොලීසියට අවුරුද්දකට දඩ මුදල්වලින් බිලියන 4.7ක් ලැබෙනවා.

එයින් මාසයකට මිලියන 83ක් කුලීයක් විදියට අරගනිමු කියලා කියපු හඩ පටි අපි ළග තියෙනවා.

මම මේ සියල්ලම සභා ගත කරනවා. මේ ගැන අපි හැම තැනටම පැමිණිලි කරනවා.

ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග ගේන්න ඔ්න කියලා සමහරු කියනවා.

දේශපාලන දැනුම හරහා ගන්නා ප‍්‍රතිඵලය තමයි ජනතා ප්‍රසාදය.

ඒ ජනතා ප‍්‍රසාදය ඔය කතා කරන අයට ලැබුණු ආකාරය ගැන බලන්න.

සමගි ජන බලවේගය විදියට අපි කෙටි කාලයක් ඇතුළත ආණ්ඩුවේ අසමත්කම රටට පෙන්වීමට හැකියාව ලැබුණේ කෝපි බීලා නෙමෙයි.

විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස ඩීල් නැති විපක්ෂ නායකවරයෙක් නිසා තමයි මේ අඩුපාඩු සියල්ලම පෙන්වීමට අපිට හැකියාව ලැබුණේ.

අපිට අවශ්‍ය වුනේ විශ්වාසභංගය හරහා අවශ්‍ය වුනේ ආණ්ඩුව ඉතිහාසය ඉදලා කරපු දේවල් පෙන්වන්න.

කාලයක් විදුලි පුටුව පෙන්නුවා. මුස්ලිම් අර්බුදයක් මතු කරලා සිංහලේ ලේබල් ගහගත්තා. පෝෂණ මල්ලක් දෙනවා කිව්වා.

ජාතික ආරක්ෂාව ගැන අර්බුදයක් නිර්මාණය කළා. බුදු අඩු කරනවා කිව්වා. ඒවා කියලා ජනතාව රැුවටුවා

එක පාරක් ඡුන්දය ඉල්ලනවා කියලා ඇවිත් දැන් දෙපාරක් ඡුන්දෙ ඉල්ලන්න හදනවා. ධම්මික පැණිය දීලා ජනතාව රැවටුවා.

ආණ්ඩුවේ අසමත්භාවය හමුවේ තෙල් මිල ඉහළ දැම්මා. ඇමැතිගේ පිටින් ආණ්ඩුවේ අසමත්කම යැවීමට උත්සාහ ගත්තා.

ඇමැතිවරයාගේ පැත්තට බෝලේ පාස් කරලා අත සෝදා ගැනීමට පොහොට්ටුව උත්සාහ ගත්තා. බොරු ෂෝ දැම්මා.

මේ ෂෝ එක, මේ හෙළුව, හැමදාම කරන බොරුව පාර්ලිමේන්තුව ඇතුලේතේ ජනතාව ඉදිරියේදීත් හෙලි කිරීමට අවශ්‍ය නිසා තමයි විශ්වාසභංගය අරගෙන ආවේ.

මොල හතේ කෙනා ආවම මිල අඩු කරනවා කියලා කිව්වා. එයා හිටියානම් මිල වැඩි කරන්නේ නෑ කියලා කිව්වා.

උදය ගම්මන්පිල ඇමැතිවරයා ලෑල්ලට හේත්තු කරලා තමන්ගේ ජාමේ බේරාගැනිමට ආණ්ඩුව උත්සාහ කරනවා.

ජීවන වියදම් කමිටුවේ ඉදලා තෙල් මිල වැඩි කිරීමට අනුමැතිය දීලා ඇවිත් පක්ෂයක් විදියට

තෙල් මිල වැඩි කරනවාට විරුද්ධයි කියලා නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා කියනවා.

එහෙනම් තාත්තලා, බාප්පලා පුතාලට එකතුවෙලා මිල වැඩි නොකර ඉන්න තිබුණා.

මේ හෙළුව තමයි අපිට එළි දක්වන්න අවශ්‍ය වුනේ.

මේ නිරුවත එළිවන විට ඩීල් දේශපාලනය කියලා කියනවා. අපිට ඩීල් දේශපාලනයක් තියෙනවානම් මේවා ගේන්නේ නෑ.

අපිට ඩීල් දේශපාලනයක් නැති නිසා තමයි අපිට මඩ ගහන්නේ.

අපිට ඩීල් දේශපාලනයක් නැති නිසා තමයි අපිට මඩ ගහලා වෙනත් අයට සුදු හුණු ගාන්නේ.

සබැඳි : “පාඨලී දණින් වැටුනේ නෑ. තමන්ගෙ නායකයා රැකගන්න කඩු පහර දෙන වඳුරු යහළුවන්ගෙන් නායකයා පරෙස්සම් විය යුතුයි.” සජිත්ගේ වඳුරු යහළුවා ලක්ෂ්මන් ෆොන්සේකා ගැන මනූෂ කියන…

උවමනාවක් තිබ්බ නං තාත්තලා බාප්පලට තෙල් මිල අඩු කරන්න තිබුණා.

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply