31 C
Colombo
Thursday, January 21, 2021
මුල් පිටුව දවසේ ඡායාරූපය ඔබව පත් කරපු ක්‍රියාවලිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි, නීති විරෝධීයි, ප්‍රජාතන්ත්‍ර විරෝධීයි

ජනාධිපතිවරයා විසින් අගමැති ලෙස දෙන ලද පත්වීම නීති විරෝධී බව විපක්ෂ නායකයා මහින්ද රාජපක්ෂ මුණගැසී ඔහුගේ මුහුණටම පවසා තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලයට කරන ලද ආරාධනය ප්‍රතික්ෂේප කළ විපක්ෂ නායකයා මහින්ද රාජපක්ෂ හමුවීමට ගොස් ඇත්තේ ඊයේ කොළඹ, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති නිල නිවෙසටය.

“පාර්ලිමේන්තු මන්ත්‍රී වශයෙන් විතරයි එයාව හමුවුනේ,” යි එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා කතානායකවරයා සමග පාර්ලිමේන්තුවේ පැවති හදිසි පක්ෂ නායක සාකච්ඡාවක් අවසානයේ මාධ්‍යවේදීන්ට කියා සිටියේය.

“ඔබතුමා පත් කරපු ක්‍රියාවලිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි, නීති විරෝධීයි, ප්‍රජාතන්ත්‍ර විරෝධීයි,” යනුවෙන් ආර් සම්බන්ධන් විසින් මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරන ලද බව දෙමළ ජාතික සන්ධාන (TNA) මන්ත්‍රීවරයා පැවසීය.

මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකයා කැඳවා ඇත්තේ අගමැති ධුරය ලබා ගැනීමට මන්ත්‍රී ධුර 16ක් ඇති TNA සහාය ලබා ගැනීමටය.

එහිදී විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවට කෙරෙන ප්‍රචාර අසත්‍ය බව සුමන්දිරන් මන්ත්‍රීවරයා තරයේ කියා සිටියේය.

පාර්ලිමේන්තුව නැවත කැඳවූ විට අගමැති ධුරය සම්බන්ධයෙන් TNA ඡන්දය පාවිච්චි කිරීමේදී ජනාධිපතිවරයා අගමැති ධුරය සම්බන්ධයෙන් අනුගමනය කළ ක්‍රියාමාර්ගය “දැඩි ලෙස බලපානු” ඇති බවට ඔහු අනතුරු ඇඟවීමක් ද කළේය.

“අනික් අයගේ හදිස්සියට, ඒ අය සතුටු කරන්න අපි කටයුතු කරන්නේ නෑ. දිනන්නේ කවුද කියලා බලලා පක්ෂ මාරු කරන අය වගේ තීරණ ගන්න සිරිතක් අපේ නෑ.”

මහින්ද රාජපක්ෂ අගමැති පදවිය පිරිනැමීමෙන් අනතුරුව කිසිදු විදේශීය රාජ්‍ය නායකයකු ඔහුට සුබ නොපැතීම ම ධුරයේ නීති විරෝධී භාවය විදහා දක්වන්නක් බව‍ට TNA පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් තර්ක කරයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

වසංගතය හේතුවෙන් වැසූ ගුවන් තොටුපොළ යළි විවෘත කෙරේ

කොවිඩ් වසංගතය හේතුවෙන් වැසූ කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ අද (21) සිට යළි සංචාරකයින් සඳහා විවෘත කෙරුණි. එළෙස ගුවන් තොටුපොළ විවෘත කෙරුණේ මාස...

මහින්ද හා සජිත් ඇමරිකානු ජනාධිපතිට හා අගමැතිට සුබ පතයි

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇමරිකානු අභිනව ජනාධිපතිවරයට හා අගමැතිවරියට සුබ පැතුම් එක්කර තිබේ. අමෙරිකාවේ 46 වන...

බස්නාහිර පාසල් පෙබරවාරි 15 සිට ආරම්භ කරනවා

බස්නාහිර පළාතේ පාසල් පෙබරවාරි මස 15 වනදා වන විට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. ලේකම්වරයා පෙන්වාදෙන්නේ...

කන්න පොල් ගෙඩියක් සොරාකම් කළාට ලක්ෂයක් ඇප ඉල්ලයි

කන්න නැතිකමට පොල් ගෙඩියක් සොරාකම් කළාට රු.100000ක ඇප නියම කිරීමේ පුවතක් වාර්තා වේ. ගම්පහ, නීලමහර ප්‍රදේශයේ වත්තකට ඇතුළු වී කන්න පොල් ගෙඩියක් සොරකම් කළේ...

පාඨක අදහස්