කන්න නැතිකමට පොල් ගෙඩියක් සොරාකම් කළාට රු.100000ක ඇප නියම කිරීමේ පුවතක් වාර්තා වේ.
ගම්පහ, නීලමහර ප්‍රදේශයේ වත්තකට ඇතුළු වී කන්න පොල් ගෙඩියක් සොරකම් කළේ යැයි චෝදනා ලැබූ සැකකරුවෙකු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ (19) දින රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර තිබේ.
ගම්පහ, මල්වතුහිරිපිටිය පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගන්නා ලදී.
දෛනික අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා මෙලෙස පොල් ගෙඩියක් සොරා ගත් බව සැකකරු අධිකරණයේදී පිළිගෙන ඇත.
ඒ අනුව ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විසින් සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස නියෝග කරන ලදී.
ලබන මාර්තු මස 18 වන දින නැවත එම නඩුව කැඳවීමට නියමිත ය.
Leave a Reply