31 C
Colombo
Monday, January 18, 2021
මුල් පිටුව උණුසුම් පුවත් කැඩූ ස්මාරකය තිබුණාට වඩා හොඳින් හදන්න මුල්ගල තැබේ

කැඩූ ස්මාරකය තිබුණාට වඩා හොඳින් හදන්න මුල්ගල තබා තිබේ. කඩාබිඳ දැමුණු යාපනය විශ්ව විද්‍යාලයේ මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය තිබුණාට වඩා හොඳින් යළි ඉදි කිරීම සඳහා වන මුල් ගල් තැබීම එම විශ්ව විද්‍යාලයේ උප කුලපති එස්. සිරිසත්ගුණරාජා මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (11) උදෑසන සිදු කෙරුණි.

ඒ සමඟ මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය කඩාබිඳ දැමීමට විරෝධය පළ කරමින් විශ්ව විද්‍යාල ආරම්භ කර තිබුණු මාරාන්තික උපවාසයද එම සිසුහු අවසන් කළහ.

යාපනය විශ්ව විද්‍යාල උපකුලපතිවරයා හා උපවාසයේ නිරත වු සිසුන් අතර පැවති සාකච්ඡාවකින් පසුව සිසුන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට උපකුලපතිවරයා එකඟ වී තිබේ.

එම සාකච්ඡාවෙන් පසුව මාරාන්තික උපවාසයේ නිරතව සිටි සිසුන්ට උපකුලපතිවරයා විසින් කැඳ ලබාදි උපවාසය අවසන් කරනු ලැබීය.

ඉන් පසුව එම සිසුන් හා එක්ව උපකුලපතිවරයා කැඩූ ස්මාරකය පැවති ස්ථානයේම අලූත් ස්මාරකයක් ඉදි කිරීමට මුල්ගල් තැබුවේය.

මොකද වුණේ?

මුලතිව් මුල්ලිවයික්කාල්හි අවසන් යුද සමයේදී මිය ගිය ජනතාව සිහිකිරීම වෙනුවෙන් යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් විශ්වවිද්‍යාල භූමිය තුල ඉදිකොට තිබූ යුද ස්මාර්කය සිකුරාදා (2021 ජනවාරි 08) රාත්‍රියේ බැකෝ යන්ත්‍රයක් යොදා සම්පූරණයෙන්ම ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂණ් සභාව, යාපනය විශ්වවිද්‍යාල පාලනාධිකාරියේ සහ ආරක්ෂක අංශ වල මෙහෙයවීම මත මෙලෙස සිකුරාදා (2021 ජනවාරි 08) රාත්‍රියේ කිසිවෙකුටත් නොදන්වාම යුද සැමරුම් ස්මාර්කය කඩා ඉවත් කිරීම දැඩි අසාධාරණ ක්‍රියාවක් බව පවසමින් පළමුව විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විරෝධතාවය ප්‍රකාශ කරමින් නොසන්සුන්කාරීව හැසිර තිබුණි.

අනතුරුව අදාල ස්ථානයට දේශපාලන නියෝජිතයින් හා ප්‍රදේශවාසීන් පැමිණ දැඩි නොසන්සුන්කාරීව හැසිරීම හේතුවෙන් කෝපායි පොලීසිය තත්වය පාලනය කිරීම සඳහා යාපනය පොලිස් විශේෂකාර් ය බලකාය කැඳවීමට පියවර ගන්නා ලදි.

අනතුරුව විශ්වවිදයාල භූමියට කිසිවෙකුටත් ඇතුල්වීමට නොහැකිවන පරිදි ආරක්ෂාව යෙදවූ අතර නොසන්සුන් තත්වය පාලනය කිරීමටද ආරක්ෂක අංශ පියවර ගැනීමත් සමග විරෝධතා කරුවන් විසින් විශ්වවිද්‍යාලයේ දොරටුව ඉදිරියේ ඇති මාර්ගයේ හිඳ විරෝධතාවය පල කර සිටියේය.

මෙම විරෝධතාවයන්ට දෙමළ ජාතික සන්ධානය, දෙමළ ජාතික ජනතා පෙරමුණේ නියෝජිතයින් ඇතුලු පිරිසක් සහභාගී වී විරෝධතාවය පල කරමින් කියා සිටියේ යුද්දයේදී දෙමළ ජනතාව මිය ගිය ආත්මයන් සිහි කිරීම සඳහා තිබූ සංකේතයන්ද මෙලෙස කඩා දැමීමෙන් දෙමළ ජනතාවගේ අයිතීන් දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් සෙයින් මෙම යුද සැමරුම් ස්මාර් කය ඉවත් කිරීම දැඩි ලෙසින් හෙලා දකින බවටය.

කෙසේ වෙතත් මේ වනවිට තත්වය සමතයකට පත්ව තිබෙන අතර ස්මාරකය නැවත ඉදිකිරීමට උත්සවාකාරයෙන් අද දිනයේදී මුල්ගල තැබිණ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

43 සේනාංකය සමායෝජකයන් 14 ක් සමග ගමන් අරඹයි..

"43 සේනාංකය" මංගල ප්‍රකාශය එළි දැක්වීමේ උත්සවය 2021 ජනවාරි 17 දින උදෑසන ආරම්භ විය. මිනිසත්කම, දැනුම, කුසලතාව පෙරටු කොට ගෙන දේශපාලන, ආර්ථික, සංස්කෘතික හා...

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අතහැර කෝටි 500 ක් වන්දි ගෙවන ආණ්ඩුව

ඉදිකිරීමට තිබු මාළඹේ සිට කොටුව දක්වා සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඉවත දැමීම නිසා ජපානයට රුපියල් කෝටි 500ක වන්දි ගෙවීමට සිදුවනු ඇති බව අනාවරණය...

පොලිස්පතිගේ ඥාතීන් හා හිතවතුන් කියාගෙන විමර්ශනවලට බලපෑම් එපා!

පොලිස්පතිගේ ඥාතීන් හා හිතවතුන් බව පවසා; පොලිස් ස්ථානවල සිදු කෙරෙන විමර්ශනවලට බලපෑම් කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.පොලිස් මාධ්‍ය...

දයා රත්නායක කියයි “ප්‍රධාන වරාය කිසිවක් රජය පාලනය කරන්නෙ නෑ”

දයා රත්නායක මහතා සඳහන් කරන්නේ ලොව ප‍්‍රධාන පෙලේ වරායවල් කිසිවක් රජයවල් විසින් පාලනය කරන්නේ නැති බව ය.  ඔහු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වත්මන්...

පාඨක අදහස්