සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ජොහැනස්බර්ග් හී දී පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි.
පළමු දිනය ඊයේ (03) නිමා වන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 148ක් ලබා සිටියා.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිළ සිය පළමු ඉනිම සඳහා සියළු දෙනා දැවීලකුණු 157ක් රැස් කළා.
ඊයේ දිනයේ ශ්‍රී ලංකා පිතිකරුවන් වසර 117ක් පැරණි වාර්තාවක් බිඳ හෙළමින් ඉතිහාසයට එක්වීම විශේෂ සිදුවීමක් බවට පත් වුණා.
ශ්‍රී ලංකා පළමු ඉනිමේ සාර්ථක වූ එකම පිතිකරුවා බවට පත් වුනේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පමණයි.
ඔහු ලකුණු 60ක් රැස්කරමින් ශ් රීලංකා පළමු ඉනිම ගොඩ නැගීමට උත්සහ කළ අතර දෙවන කඩුල්ල ලෙස ඔහු දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ ලකුණු 71ක් ලෙසටයි.
ඒ අනුව පිතිකරුවෙකු ටෙස්ට් තරඟයකදී ලකුණු 60කට වැඩියෙන් ලබා ගනිමින් දැවී ගිය අවස්ථාවකදී අදාළ කණ්ඩායම ලබාගෙන තිබූ අවම ලකුණු සංඛ්‍යාව ලෙසට ශ්‍රී ලංකා පිළ ඉතිහාසයට එක් වුණා.
මීට පෙර 1904 වසරේ දී එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති තරඟයකදී එංගලන්තය විසින් මෙම ලෝක වාර්තාව පිහිටුවා තිබුණා.
ඒ, එංගලන්ත ලකුණු පුවරුව 74ක්ව තිබියදී ජොනී ටයිල්ඩ්ස්ලි ලකුණු 62කට දැවී යාමත් සමඟයි.
ඇන්රිච් නෝයේ ඉනිමකදී කඩුලු 5 කට වැඩියෙන් ලබාගත් දෙවැනි අවස්ථාව වූ අතර ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙසද වාර්තා වන්නේය. ඇන්රිච් නෝයේ ලකුණු 56 කට කඩුලු 6 ක් දවාගත් අතර වියාන් මල්ඩර් ලකුණු 25 කට කඩුලු 3 ක් සහ ලුතෝ සිපම්ලා ලකුණු 27 කට කඩුල්ලක් දවාගත්තේය. ඔවුන්ගේ වේගපන්දු යවන්නන් සිව්දෙනා පමණක් පන්දු යැවූ අතර ප්‍රධාන දඟපන්දු යවන්නාවූ කේෂව් මහරාජ්ට පන්දු යැවීමට අවස්ථාවක් හිමිනොවීය.
තේ පානය සඳහා තරගය නතර කරනවිට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදීමට පැමිණි දකුණු අප්‍රිකානු පිල කිසිවෙකු නොදැවී ලකුණු 22 ක් ලබා සිටියේය.
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා පළමු ඉනිම
දිමුත් කරුණාරත්න – ඇ.ඩි’කොක් ප.නෝයේ 2
කුසල් ජනිත් – ඇ.මාර්ක්රම් ප.මල්ඩර් 60
ළහිරු තිරිමාන්න – ඇ.ඩු ප්ලෙසිස් ප.මල්ඩර් 17
කුසල් මෙන්ඩිස් – ඇ.වැන්ඩර් ඩසන් ප.මල්ඩර් 0
මිනෝද් භානුක – ඇ.වැන්ඩර් ඩසන් ප.නෝයේ 5
නිරෝෂන් දික්වැල්ල – ඇ.ඩි’කොක් ප.නෝයේ 7
දසුන් ශානක – ඇ.ඩි’කොක් ප.නෝයේ 4
වනිඳු හසරංග – ඇ.ඩි’කොක් ප.සිපම්ලා 29
දුෂ්මන්ත චමීර – ඇ.ඩි’කොක් ප.නෝයේ 22
විශ්ව ප්‍රනාන්දු – නොදැවී 2
අසිත ප්‍රනාන්දු – ප.නෝයේ 4
අතිරේක 5
ඕවර 40.3 කදී සියලුදෙනා දැවී ලකුණු 157
කඩුලු වැටීමඃ
1-19 (දිමුත්), 2-71 (පෙරේරා), 3-71 (මෙන්ඩිස්), 4-80 (තිරිමාන්න), 5-84 (මිනෝද්), 6-93 (දික්වැල්ල), 7-110 (දසුන්), 8-149 (වනිඳු), 9-151 (චමීර), 10-157 (අසිත)
පන්දු යැවීමඃ
ලුන්ගි න්ගිඩි : 10-3-44-0, ඇන්රිච් නෝයේ : 14.3-1-56-6, ලුතෝ සිපම්ලා : 9-3-27-1, වියාන් මල්ඩර් : 7-3-25-3
දකුණු අප්‍රිකානු පළමු ඉනිම
ඩීන් එල්ගා – නොදැවී 92
ඒඞ්න් මාක්රම් – ඇ.මෙන්ඩිස් ප.අසිත 5
රාසී වැන්ඩර් ඩසන් – නොදැවී 40
අතිරේක 11
ඕවර 37 කදී කඩුල්ලක් දැවී ලකුණු 148
පන්දුවට පහරදීමට සිටින පිතිකරුවෝඃ
ඩු ප්ලෙසීස්, කුයින්ටන් ඩි’කොක්, ටෙම්බා බවුමා, වියාන් මල්ඩර්, කේෂව් මහරාජ්, ඇන්රිච් නෝයේ, ලුතෝ සිපම්ලෝ, ලුන්ගි න්ගිඩි.
කඩුලු වැටීමඃ
1-34 (මාක්රම්)
පන්දු යැවීමඃ
විශ්ව ප්‍රනාන්දු : 10-0-40-0, අසිත ප්‍රනාන්දු : 10-2-30-1, දුෂ්මන්ත චමීර : 7-0-34-0, දසුන් ශානක : 6-1-13-0, වනිඳු හසරංග : 4-0-23-0
Leave a Reply