31 C
Colombo
Monday, January 18, 2021
මුල් පිටුව දේශපාලන කොරෝනා නිසාත් රජය 'ෆේල්' වෙනවට මම කැමති නෑ

කොළඹ නගර සභා සීමාව තුළ උතුරු කොළඹ, මැද කොළඹ සහ බොරැල්ල යන ප්‍රදේශ නිසියාකාරව ලොක්ඩවුන් කරන්නේ නම් දෙසැම්බර් පළමු සතියේදී සියලුම ප්‍රදේශ විවෘත කළ හැකි බව කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි.

ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකදී ඇය පෙන්වා දුන්නේ කොළඹ නගරයේ හුදෙකලා කර ඇති ප්‍රදේශ අතර පවතින සමහරක් ප්‍රදේශ හරහා ජනතාව රැකියාවලට පවා යන බවයි.

උදාහරණයක් පෙන්වා දෙමින් කොළඹ පුරපතිනිය කියා සිටියේ දෙමටගොඩ කාලිපුල්ල වත්ත ප්‍රදේශ නිරෝධායනය වෙමින් සිටි පවුලක සාමාජිකයින් පිරිසක් සිය රැකියාවන් සදහා ගොස් ඇති බවයි.

ඒ අනුව දැනෙට හුදෙකලා කර ඇති කොළඹ නගරයේ පවතින යම් යම් ප්‍රදේශ හුදෙකලා කළ යුතු බව රෝසි සේනානායක මහත්මිය සදහන් කරයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රෝසි සේනානායක මහත්මිය මෙලෙස පැවසීය…

“රජයට විතරක් වගකීම දීලා එක එක්කෙනා විවේචනය කිරීම නෙමෙයි අපි කරන්නේ. අපි සියලුදෙනාම මැදිහත්වෙලා මේකෙන් ගොඩ එන්න. මම කැමති නෑ කොවිඩ් හේතු කරගෙන රජය ෆේල් වෙනවට.”

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

43 සේනාංකය සමායෝජකයන් 14 ක් සමග ගමන් අරඹයි..

"43 සේනාංකය" මංගල ප්‍රකාශය එළි දැක්වීමේ උත්සවය 2021 ජනවාරි 17 දින උදෑසන ආරම්භ විය. මිනිසත්කම, දැනුම, කුසලතාව පෙරටු කොට ගෙන දේශපාලන, ආර්ථික, සංස්කෘතික හා...

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අතහැර කෝටි 500 ක් වන්දි ගෙවන ආණ්ඩුව

ඉදිකිරීමට තිබු මාළඹේ සිට කොටුව දක්වා සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඉවත දැමීම නිසා ජපානයට රුපියල් කෝටි 500ක වන්දි ගෙවීමට සිදුවනු ඇති බව අනාවරණය...

පොලිස්පතිගේ ඥාතීන් හා හිතවතුන් කියාගෙන විමර්ශනවලට බලපෑම් එපා!

පොලිස්පතිගේ ඥාතීන් හා හිතවතුන් බව පවසා; පොලිස් ස්ථානවල සිදු කෙරෙන විමර්ශනවලට බලපෑම් කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.පොලිස් මාධ්‍ය...

දයා රත්නායක කියයි “ප්‍රධාන වරාය කිසිවක් රජය පාලනය කරන්නෙ නෑ”

දයා රත්නායක මහතා සඳහන් කරන්නේ ලොව ප‍්‍රධාන පෙලේ වරායවල් කිසිවක් රජයවල් විසින් පාලනය කරන්නේ නැති බව ය.  ඔහු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වත්මන්...

පාඨක අදහස්