31 C
Colombo
Thursday, January 21, 2021
මුල් පිටුව උණුසුම් පුවත් කොවිඩ් ආසාදිතව ස්වයං නිරෝධායනයේ සිටින දයාසිරි තැබූ සටහන

කොවිඩ් ආසාදිතව ස්වයං නිරෝධායනයට යොමුවී සිටින රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සිය ෆේස්බුක් සටහනක් තබමින් තමාගේ වර්තමාන තත්ත්වය පිළිබඳ සඳහන් කර තිබේ.

“මේ මොහොතේ covid-19 වෛරසය ආසාදනය වී ඇති ලෝකවාසී සියලුම දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන“බවද ජයසේකර මහතාගේ සටහනේ දැක්වෙයි.

එම සටහන පහතින් දැක්වේ.

රට තුළ පවතින covid 19 සෞඛ්ය තත්වය හමුවේ PCR පරීක්ෂණයක් සදහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ මා හට covid 19 වෛරසය ආසදනය වී ඇති බව තහවුරු විය. එබැවින් ජාතික covid මර්දන උපදේශනයට අනුව මා මේ මොහොතේ කොවිඩ් ආසාදිතව ස්වයං නිරෝධානය නීතිමය ක්රියාවලිය සමග සම්බන්ධ වී ඇත.තවද මේ මොහොතේ covid 19 වෛරසය ආසදනය වී ඇති ලෝකවාසී සියලුම දෙනාට ඉක්මන් සුවය ප්රර්ථනා කරමි.
මම : දයාසිරි ජයසේකර

අමාත්‍යවරයා මේ වන විට හික්කඩුව ප්‍රදේශයේ රජයේ නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර සඳහා යොමුකර සිටී.

දින කිහිපයක සිට පැවති උණ තත්ත්වය හේතුවෙන් දයාසිරි ජයසේකර මහතා ස්වේච්ඡාවෙන්ම ඊයේ (07) දිනයේ පී.සී.ආර් පරීක්ෂණයක් සඳහා යොමු වී තිබුණි.

ඔහු කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනාගෙන තිබෙන්නේ ඒ අනුවය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ් වෛරසය වැළඳුණු ප්‍රථම අවස්ථාව මෙය වේ.

දයාසිරි ජයසේකර මහතා පසුගිය ජනවාරි 1 වන දා මරදාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ආගමික වතාවත් සඳහා සහභාගි වී තිබුණි.

එම අවස්ථාවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ බස්නාහිර පළාත් සභාව නියෝජනය කළ හිටපු අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම එක්ව සිටියේය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

වසංගතය හේතුවෙන් වැසූ ගුවන් තොටුපොළ යළි විවෘත කෙරේ

කොවිඩ් වසංගතය හේතුවෙන් වැසූ කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ අද (21) සිට යළි සංචාරකයින් සඳහා විවෘත කෙරුණි. එළෙස ගුවන් තොටුපොළ විවෘත කෙරුණේ මාස...

මහින්ද හා සජිත් ඇමරිකානු ජනාධිපතිට හා අගමැතිට සුබ පතයි

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇමරිකානු අභිනව ජනාධිපතිවරයට හා අගමැතිවරියට සුබ පැතුම් එක්කර තිබේ. අමෙරිකාවේ 46 වන...

බස්නාහිර පාසල් පෙබරවාරි 15 සිට ආරම්භ කරනවා

බස්නාහිර පළාතේ පාසල් පෙබරවාරි මස 15 වනදා වන විට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. ලේකම්වරයා පෙන්වාදෙන්නේ...

කන්න පොල් ගෙඩියක් සොරාකම් කළාට ලක්ෂයක් ඇප ඉල්ලයි

කන්න නැතිකමට පොල් ගෙඩියක් සොරාකම් කළාට රු.100000ක ඇප නියම කිරීමේ පුවතක් වාර්තා වේ. ගම්පහ, නීලමහර ප්‍රදේශයේ වත්තකට ඇතුළු වී කන්න පොල් ගෙඩියක් සොරකම් කළේ...

පාඨක අදහස්