කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට (විදෙස් සමාගමකට) පැවරීමට එරෙහිව;
ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීම සඳහා අන්තර්ජාලය ඔස්සේ පෙත්සමක් අත්සන් කිරීම අද (16) ආරම්භ විය.
ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සමාජිකයන්ගේ මූලිකත්වයෙන් පෙත්සමට අත්සන් තැබීම
අද පෙරවරුවේ ආරම්භ කෙරුණු බව අප වාර්තාකරු සඳහන් කළේය.
එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත මහතා ප්‍රකාශ කළේ;
විකිණීම යන වචනය නොමැති වුවද මෙහිදී සිදුවන්නේ ජැටියේ සියයට 49ක අයිතිය රටට අහිමිවීමක් බවය.
මේ අතර වරාය සංවර්ධනයට අවශ්‍ය ව්‍යාපාරික උපාය මාර්ගවලට විරුද්ධ වන පාර්ශ්ව හම්බන්තොට වරාය චීනයට පැවරීමේ දී විරුද්ධ නොවු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
පෙර පුවත් :
Leave a Reply