කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය රාජ්‍ය හා පුද්ගලික හවුල්කාරිත්වයක් යටතේ සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
නාගරික සංවර්ධන අධිකාරිය හා කොළඹ සුගතදාස ක්‍රීඩාංගනය කළමනාකාරීත්වය මෙම ස්ථානය රාජ්‍ය හා පුද්ගලික හවුල්කාරිත්වය යටතේ තවදුරටත් සංවර්ධනය කිරීමටත් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට බලාපොරොත්තු වූ බවද ඒ මහතා පවසයි.
තම සමාජ ජාල ගිණුමේ ඒ බව සඳහන් කරමින් ඔහු තබා ඇති සටහන මෙසේය.
කෙසේ වෙතත් සුගතදාස ක්‍රීඩාංගණයේ කොටස් මිලදී ගන්නා පෞද්ගලික සමාගම් කවරේද යන්න මෙතෙක් හෙළිකර නොමැත.
කොළඹ වරායේ නැගෙනහිර ජැටියෙන් 49%ක් ඉන්දියාවට විකුණා ඇති අතර දැන් දැන් රටේ ප්‍රධාන ක්රීඩාංගණද විකුණන බව පෙනේ.
Leave a Reply