ගුරුවරුන්ගේ අයිතිවාසිකම් උදුරා ගන්නා තක්කඩි රාජපක්ෂ පොලීසිය

53
Ads by AOL

ගුරුවරුන්ගේ අයිතිවාසිකම් උදුරා ගන්නා තක්කඩි රාජපක්ෂ පොලීසිය

ගුරු විදුහල්පති විරෝධතාවයට එක්වූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන වරාය පොලිසියේ රදවා සිටින ගුරුවරුන් පිළිබඳව

Ads by AOL
Sri Lankan Matrimony

සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (05) පෙරවරුවේ එම පරිශ්‍රයට පැමිණි අතර එහිදී වරාය පොලිසිය විසින් ඊට බාදා පමුණුවනු ලැබීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සහ නීතිඥයන් පිරිසක් සමග එම ගුරුවරුන් ගේ සුවදුක්

බැලීම සඳහා පැමිණි අවස්ථාවේදී එම පරිශ්‍රය තුළට යාමට නොහැකි බවට පොලිස් නිලධාරීන් සහ වරාය පොලිසිය ඊට බාධා කරනු ලැබීය.

එහිදී විපක්ෂනායකවරයා විනාඩි විස්සකට අධික කාලයක් එහි රැඳී සිටි අතර උසස් නිලධාරීන් ගෙන්

විමසා හෝ තමන්ට එම ගුරුවරුන් ගේ සුවදුක් විමසීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලීමක් කරනු ලැබීය.

රටේ විපක්ෂ නායකයාට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට, නීතිඥවරුන්ට පොලිසිය තුළ යෑමට අවසර නැත්නම් රටේ තිබෙන්නේ

මොන ප්‍රජාතන්ත්‍රවාදයක් දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී රැස්ව සිටි මාධ්‍ය අමතා ප්‍රකාශ කළේය.

අත්අඩංගුවට ගෙන ඇති ගුරුවරුන් පිළිබඳ සොයා බැලීමට පොලිසිය තුළට යාමට ඉඩ නොදීමෙන්

තමන්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වූ බවත් විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් එම ගුරුවරුන්ට අවශ්‍ය ඇඳුම් පැළඳුම් ඇතුළු සනීපාරක්ෂක භාණ්ඩ තොගයක් ද රැගෙන එනු ලැබීය.

ඒවා ඔවුන්ට ලබා දීමට පොලිස් නිලධාරීන් අවස්ථාව ලබා නොදුන් බවත් නලින් බණ්ඩාර මහතා සඳහන් කළේය.

විකෘති කළ හඬ පටයක් මගින් රාජ්‍ය සේවා කොමිසම නොමග යැවූ ඇවන්ගාඩ් තක්කඩියා..!

ගුරුවරුන්ගේ අයිතිවාසිකම් උදුරා ගන්නා තක්කඩි රාජපක්ෂ පොලීසිය

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply