31 C
Colombo
Thursday, January 21, 2021
මුල් පිටුව උණුසුම් පුවත් ගෝඨාට 5%ක කොමිස් ගෙවන්න ජයිකා ආයතනය බෑ කියූ නිසා සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය...

මාලබේ සිට කොටුව දක්වා ඉදිකිරීමට සැළසුම් කර ඇති කණු මතින් දිවෙන දුම්රිය මාර්ගය ඉදිකිරීම නවතා දැමීමට රජය තීරණය කර තිබේ.

මාලබේ සිට කොළඹ කොටුව දක්වා ඉදිවෙන මෙම නව දුම්රිය සේවාවේ මුලික වැඩකටයුතු දැනට අවසන් කර තිබෙන අතර ඉඩම් පවරාගැනීමෙන් පසු එහි ඉදිකිරිම 2020 වසරේ ආරම්භවීමට නියමිතව තිබුණි.

කිලෝමීටර 15.8 ක දුරකින් හා නැවතුම් පොළ 16 කින් සමන්විත වන මෙම දුම්රිය සේවාව, මාලබේ සිට කොළඹ කොටුව දක්වා මිනිත්තු 30 කින් යාමට හැකි වනසේ ඉදිකිරීමට යෝජනා විය.

එමෙන්ම කාර්ය බහුල වේලාවලදී සෑම මිනිත්තු 4 කට වරක් ද අනෙක් වේලාවලදී මිනිත්තු 10 කට වරක් ද නැවතුම් පොළකට දුම්රියක් පැමිණෙන ආකාරයට මෙම දුම්රිය සේවාව ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබුණි.

එහෙත් මෙම ඉදිකිරීමට අවශ්‍ය ඩොලර් මිලියන 1850ක ආධාර මුදල ලබාදීමට එකඟ වූ ජපානයේ ජයිකා ආයතනයට එම ව්‍යාපෘතිය තවදුරටත් කරගෙන යාමට අවශ්‍ය නම් ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුදලින් 5%ක (ඩො.මි. 92.5) කොමිස් මුදලක් ගෝඨාභය රාජපක්ෂ මහතාට හා අදාළ විෂය භාර අමාත්‍යවරයාට ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.

මෙයට ජයිකා ආයතනය එකඟ නොවීම නිසාත්, කිසිදු කොමිස් මුදලක් ලබාදීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම නිසාත් මෙම ව්‍යාපෘතිය නවතා දැමීමට රජය තීරණය කර තිබේ.

ප්‍රතිචාර: 1

Leave a Reply

  1. Why Did they ask commission from JICA.
    AFTER ALL THE APPROVAL, THEY SHOULD ASK JARAAWA FROM THE CONTACTOR.
    THEN WE WILL GET A OPEN BUDJET COTRACT TO EXTEND % OF JARAAWA, SUB STRANDED CONSTRUCTION AND LOW QUEALTY TRAINS WITH A ASIAWEY BIGGEST LOAN TO BOAST FOR 20 SO YEARS

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

වසංගතය හේතුවෙන් වැසූ ගුවන් තොටුපොළ යළි විවෘත කෙරේ

කොවිඩ් වසංගතය හේතුවෙන් වැසූ කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ අද (21) සිට යළි සංචාරකයින් සඳහා විවෘත කෙරුණි. එළෙස ගුවන් තොටුපොළ විවෘත කෙරුණේ මාස...

මහින්ද හා සජිත් ඇමරිකානු ජනාධිපතිට හා අගමැතිට සුබ පතයි

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇමරිකානු අභිනව ජනාධිපතිවරයට හා අගමැතිවරියට සුබ පැතුම් එක්කර තිබේ. අමෙරිකාවේ 46 වන...

බස්නාහිර පාසල් පෙබරවාරි 15 සිට ආරම්භ කරනවා

බස්නාහිර පළාතේ පාසල් පෙබරවාරි මස 15 වනදා වන විට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. ලේකම්වරයා පෙන්වාදෙන්නේ...

කන්න පොල් ගෙඩියක් සොරාකම් කළාට ලක්ෂයක් ඇප ඉල්ලයි

කන්න නැතිකමට පොල් ගෙඩියක් සොරාකම් කළාට රු.100000ක ඇප නියම කිරීමේ පුවතක් වාර්තා වේ. ගම්පහ, නීලමහර ප්‍රදේශයේ වත්තකට ඇතුළු වී කන්න පොල් ගෙඩියක් සොරකම් කළේ...

පාඨක අදහස්