ජනපති කැඳවූ ඉහල පෙළේ රැස්වීමට ඇමැති දිනේෂ් නෑ. විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ස්වයං නිරෝධායනයට යොමුව ඇති බව රජයේ අරංචි මාර්ග පවසයි.
මේ තත්ත්වය මත ඊයේ (25) දහවල් 11.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඉහළ පෙළේ රැස්වීමට දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා සහභාගී වී නොමැති බව වාර්තා වේ.
මෙම සාකච්ජාව පැවැත්වී ඇත්තේ ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී ලංකාවට එරෙහිව ඉදිරිපත් විය හැකි යෝජනාව සදහා ආණ්ඩුව මුහුණ දිය යුතු ආකාරය පිළිබදව සාකච්ජා කිරීම සදහාය.
එම සාකච්ජාවට විදේශ අමාත්‍යංශයේ ඉහළ පෙළ නිලධාරීන් මෙන්ම ආණ්ඩුවේ ඉහළ පෙළේ නියෝජිතයන්ද සහභාගී වී සිට ඇති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් මෙම සාකච්ජාවට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහභාගී වීී ඇත්තේ සිය නිවෙසේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ බවද දැනගන්නට ඇත.
Leave a Reply