සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ජනවාරි අවසානයේ සංචාරකයන්ට ගුවන්තොටුපළ සහ රට නිල වශයෙන් විවෘත කිරීමට කටයුතු කරන බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග ඊයේ (31 වැනිදා) ප්‍රකාශ කළේය.
ගුවන්තොටුපළ විවෘත කරන දිනය නිල වශයෙන් ඉතා කඩිනමින් ප්‍රකාශයට පත් කරන බවද ඇමැතිවරයා කියයි.
ජනවාරි අවසානයේ සංචාරකයන්ට දිවයිනට ගෙන්වීම සහ ගුවන්තොටුපොළ විවෘත කිරීම සම්බන්ධයෙන් සංචාරක ව්‍යාපාරයේ නිරත හෝටල්හිමියන්, ගුවන්සේවා සමාගම්, සංචාර සංවිධානය කරනු ලබන ආයතන මාර්ගෝපදේශකයන් සහ සංචාරක රියදුරන් සම්බන්ධ ආයතන සහ සංවිධාන සමග පැවති සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
මෙම සාකච්ඡාවට එක්වූ හෝටල් හිමියන්ගේ සංගමය මෙන්ම සංචාරක සංවිධානය කරන සංගම් අවධාරණය කළේ පවතින තත්ත්වය තුළ සංචාරක කර්මාන්තය යළි ආරම්භ කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සිය සහාය පළ කරන බවයි.
හෝටල් සංගමයේ සභාපති සනත් උක්වත්ත මෙහිදී සඳහන් කළේ මෙම නියාමන ව්‍යාපෘතිය සංචාරක කර්මාන්තය ආරම්භ කිරීම සඳහා හොඳ පූර්වාදර්ශයක් සපයනු ඇති බවයි.
සාකච්ඡාවට එක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යාපාරිකයන්ගේ සංගමයේ එම්.බී. ජයරත්න මහතාද කුමන හෝ තත්ත්වයක් මත සංචාරක ව්‍යාපාරය යළි ආරම්භ කිරීම පිළිබඳ සිය ප්‍රසාදය පළ කළේය.
සංචාර සංවිධානය කරන්නන්ගේ සංගමය මහේන් කාරියවසම් මහතා කිවේ සංචාරකයන්ට රට විවෘත කිරීමේදී මෙවැනි තත්ත්වයන්ට මුහුණ දීමට සූදානම් විය යුතු බවයි.
පැමිණෙන සංචාරකයින් අතර කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වුවහොත් ඔවුන් සම්බන්ධයෙන් ගත යුතු සියලු පියවර සෞඛ්‍ය මාර්ගෝපදේශ මගින් අදාළ සංචාරය සංවිධානය කරන්නන්ට හා හෝටල්වලට ලබා දී ඇති බවත් ඔවුන් එය නිසි ලෙස ක්‍රියාත්මක කරන්නේ දැයි සෞඛ්‍ය බලධාරීන් සහ සංචාරක සංවර්ධන අධිකාරිය දැඩි අධීක්ෂණයකට ලක් කර ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
Leave a Reply